Posted by
thrimaz
on
කාලෙකින් මොනවත් ලියන්න බැරි උන නිසා පේජ් එකත් බ්ලොග් එකත් හොදටම පාළුවෙලා. ඉතිං මම හිතුවා මේ පාර වැලන්ටයින් එකට නිරෝධායනයේ ඉන්න නිසා හරියටම ගිය අවුරුද්දේ වැලන්ටයින් එක දවසේ උන කතාවක් ඔයාලට කියන්න. ඒ දවස්වල මම අපේ කැම්පස් එකේ වැඩකරේ. වැලන්ටයින් දවසේ මම නිවාඩුගත්තේ එදා මගේ ඉවෙන්ට් එකක මීටින් ටිකක් දාගෙන හිටපු නිසා. මේ මම කියන්නේ කොරෝනා පළවෙනි රෝගියා ලංකාවෙන් හොයාගත්ත කාලෙ. ඉතිං අපි එදා වෙච්ච කතාවට යමුකෝ... මට එදා මීටින් හතරක් තිබ්බා. මුලින්ම මට කතා කරන්න තිබ්බේ කොළඹ ප්‍රධාන ජාත්‍යන්තර පාසලක අවුරුදු දහ අටත් විසි දෙකත් අතර කොල්ලො කෙල්ලෝ පස් දෙනෙක්ට. උදේ දහයට විතර අපි බම්බලපිටිය ජාවා ලෞන්ජ් එකේදි හම්බඋනා. අදාල ටොපික් එක කතා කරාට පස්සේ ඉතුරු වෙලාවෙ මේ ළමයි කතා කරන්න ගත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දේශපාලන හැසිරීම හා වර්තමාන ගෝලීය සබදතා වගේ මාතෘකා. ඒ දවස් වල තමයි ට්‍රම්ප් අර තෙවනි ලෝක යුද්ධයක් පටන් ගන්න එක ගැන පිස්සුවක් නැටුවේ. ඉතිං මාත් එයාලගෙ කතාවට පැයබාගයක් විතර හවුල් වෙලා ඉදලා, මගේ කෝපි එක බීලා මම එයාලට සමුදුන්නා. මට ඊළග මීටින් එක තිබ්බේ අවුරුදු විස්සක විතර ළමයි දෙන්නෙක් එක්ක. මම එයාලව හම්බඋ...
- Get link
- X
- Other Apps