හැරී පොට​ර් ලෙස “ඉපදීම දුකකි”

 

තාම කොරන්ටීන්. මම කම්මැලිකමේ ගෙදරට වෙලා ඉන්නකොට හිතුනා හැරී පොටර් ෆිල්ම් ටික ආයෙ බලන්න ඕන කියලා. මුලින්ම කියන්න ඕන මම පොටර්හෙඩ් කෙනෙක් නෙවී. සෝ මේක කියවලා පොටර්හෙඩ්ස්ලා ට්‍රිගර් වෙන්න එපා. මම සිරසේ ගියපු සිංහල ඩබ් කරපු කොටස් තුන බලලා පස්සේ බාරයක් ඔප්පු කරන්න වගේ හතරයි පහයිත් සබ් දාගෙන බැළුවා. මට සිංහලෙන් බලපුවගෙ පොඩි හරි මතකයක් තිබ්බත් අනිත් කොටස් ගැන මෙලෝ මගුලක් මතක තිබ්බේ නෑ. මම ඉතිං හැරීපෝට බලන්න කලින් හැරී පොට ගැන දැන ගන්න ඕන දේවල් මොනාද කියලා හොයද්දි මට හම්බුනා Sri Lankan Muggle Borns කියලා යූටියුබ් චැනල් එකක්. ඒකෙ වීඩියෝස් ඔක්කොමත් ඩවුන්ලෝඩ් කරගෙන පස්සේ බලන්න තියාගෙන මම හැරිපෝට බලන්න පටන් ගත්තා. පළවෙනි කොටස ශේප්. දෙවෙනි කොටසත් බැළුවා අවුලක් නෑ. ලොකු ගතියකුත් තිබ්බේ නෑ. තුන් වෙනි කොටසත් බලන්න ගත්තා. ඕ එම් ජී. දැට්ස් රැඩ් මාහ් බෝයි. ඒ ඩාක් ටෝන් එකෙන් මගේ ගත මිලින වෙලා සිත සලිත උනා. ලෝන්ග් ශොට්ස් එහෙම පට්ට. සෑහෙන හොද ස්ටෝරි ටෙලින්ග්. මම ටක් ගාල බැළු​වේ කලින් ඒවගේ හිටපු කෲ එක මාරු වෙලාවත්ද කියලා. හරිනේ Alfonso Cuarón. මම Alfonso Cuarón දන්නේ මොන්ටිසෝරි කාලෙ ඉදං කියලා කියන්න යන්නෑ. මම ඒත් පොරව දැනගෙන හිටියා. ඒ එකපාරක් චින්තන ධර්මදාස දාල තිබ්බ පෝස්ට් එකක් කියවලා. පොර ඒකේ කොරොන්ව මෙන්ශන් කරන්නේ රෝමා එකේ අධ්‍යක්ශකවරයා හැටියට. කෝම හරි මම Prisoner of Azkaban බලලා ඉවර වෙලා කෙලින්ම Youtube එකේ මේක ගැන තියන රිවීව් බලන්න පටන් ගත්තා. හම්මට. අහලා පුරුදු කටහඩකින් පට්ට රිවීව් එකක් තිබ්බා. මම ඒකෙ ලිංක් එක කමෙන්ට් එකක දාන්නම්. ඒක බැළුවට පස්සෙ මම අර ඩෞන්ලෝඩ් කරගත්ත යූ ටුයුබ් චැනල් එකේ වීඩියෝ ටික බලන්න කියලා සෙට් උනා. මම ඒත් බැළුවේ ලූපින්ගේ වීඩියෝ එක විතරයි. මට ඒක බලලා හැරී පෝටර් කියන්නේ ආගමක් නේද කියලා හිතුනා. ඊට පස්සේ මම ඒ චැනල් එකට මේල් එකක් දාල පොත් සෙට් එකයි ඕඩියෝ බුක් ටිකයි ඉල්ලගත්තා. මේල් එක යවලා විනාඩි ගානෙන් මට ඒ අක්කා පොත් ටික එව්වා. තාම කියවන්න උනේ නෑ හැබැයි. ඒත් මම මේ වෙනකොට පොටර් හෙඩ් කෙනෙක් වෙලා ඉවරයි.
සෝ ඉතිං මම මේක ලියන්න ගත්තේ හතරවෙනි කොටස බලන අතරේ. දැන් ඔයා බලනවා ඇති හැරී පෝටර් ලෙස “ඉපදීම දුකකි” කියලා මම මේක topic කරේ ඇයි කියලා. මේකනෙ සීන් එක. හැරීට මොන පවර් එකක් තිබ්බත් අර වෝල්ඩමෝඩ් පොරට ගේම දෙන්නම නේ බලන්නේ. ඉතිං ඒක දුකක් නෙවීද…? මම කියන්නේ හැරී පෝට වෙන්න ඕන නෑ. නිකම් පොඩි චරිතයක් උනා නම්, ලයික් නෙවිල් ලෝන්ග්බොටම්. මොනා උනත් මායාකාරයෙක් නේ.
හරි මම හතරවෙනි කොටසත් බලලා ඉවර කරා. දැන් මට අර නරක කට්ටිය අතේ ගහලා තියන ටැටූ එක වගේ එකක් ගහ ගන්න ඕන. මම යනවා ඒකට ඩිසයින් එකක් බලන්න. ඕකේ බායි.
ps- මම මගේ පොටර්හෙඩ් යාළුවෙක්ට කිව්වාම පොර මට wizaradingworld.com කියලා සයිට් එකක් සජෙස්ට් කරා. ඒකටත් ගිහිල්ලා බලන්න ඔයාගෙ house එක මොකක්ද කියලා. මම නම් Huffelpuff. 
Thrimaz, Harry Potter, Sinhala, Story

 

Comments