SL MUSLIM MEMES

‌කාලෙකට කලින් පටන් අරන් සිංහල දෙමළ මුස්ලිම් හැමෝගෙම ෆේවරිට්ස් වලට ආපු ප්‍රෙජ් එකක් තමයි SL Muslim Memes කියන්නේ. මුස්ලිම් සමාජය හා සංස්කෘතිය ගැන අත්දැකීම් නැති අයට උනත් තේරුම් ගන්න පුලුවන් විදියේ මීම් සෙට් එකක් මේ පේජ් එකෙන් වැටුනා. මේ පේජ් එක කරන්නේ මොටේ කියලා පොරක්. පොරගෙ ප'සනල් බ්ලොග් එකත් මරු. කොහොමහරි මේක ලියන්න ගත්තේ මේ පේජ් එක ගැන කියන්න නෙවෙයි...

දැන් ටික දවසකට කලින් SL Muslim Memes පේජ් එකෙන් ගෲප් එකක් පටන්ගන්නවා. ඉතාම පොඩි කාලෙකදි සිංහල දෙමළ මුස්ලිම් බේදයකින් තොරව මේ ගෲප් එකට මෙම්බර්ස්ලා ඇඩ් වෙනවා. පට්ටම ඇක්ටිව් ගෲප් එකක්. සිංහල කොල්ලෝ කෙල්ලෝ නානා, ෆාතිමා කිය කිය ආතල් එකේ ගලාගෙන යන ත්‍රෙඩ් මරු. දේශපාලනය වගේ එක එක සමාජ බලපෑම් වලින් නැති කරන්න හදන මේ බැදියාව ෆේස්බුක් ගෲප් එකකින් ලස්සනට හදන හැටි දැක්කාම සෑහෙන්න සතුටුයි. 

මේ ගෲප් එකේ ලස්සන දේවල් ගොඩක් මම දැක්කා. එකක් තමයි කල්ච' එක ශෙයා කරගන්න එක. ගොඩක් අය ඉස්ලාම් ආගම ගැන තියන ප්‍රශ්න කෙලින්ම පෝස්ට් එකක් දාලා අහනවා. අපේ මුස්ලිම් සහෝදර සහෝදරියෝ ලස්සනට ඒ දේවල් කියලා දෙනවා. සෑහෙන්න වටින කරුණු ගෲප් එක ඇතුලේ කතා වෙනවා දකින්න පුළුවන්. 

මම පොඩි කාලෙ ඉදලාම මුස්ලිම් යාළුවෝ සෑහෙන්න ආශ්‍රය කරනවා. මට මුස්ලිම් සිංහල කියලා කාගෙවත් වෙනසක් නෑ. සමහරු මමත් මුස්ලිම් කියලානේ හිතං ඉන්නේ. ඒත් ලංකාවේ ඇතැම් ග්‍රාමීය පාසල් තියනවා මුස්ලිම් දරුවන් නැති. ඒ ළමයි ලොකු වෙලා නගර වලට ආවම හැසිරීමෙන් ඒක තේරෙනවා. අපි ස්කෝලෙ යන කාලෙ මට මතකයි සෙට් එකේ තම්බිලා ටික නෝම්බි අල්ලනකොට අපිත් දවල්ට නොකා ඉන්නවා. උන් අපේ දානෙට එනවා. අපි උන්ගේ මගුලට යනවා. කොටින්ම අපි පොඩි කාලෙ ඉදලා එකටම හිටපු නිසා අපිට කිසිම ප්‍රශ්ණයක් තිබ්බේ නෑ. ඉතිං මේ ගෲප් එකේ මම දක්කා අපිට ලැබුන අත්දැකිම නොලැබුන අය ඒ අත්දැකීම ලබා ගන්න උත්සාහ කරනවා. ඇත්තටම සතුටුයී එහෙම දේවල් දකින්න ලැබෙන එක ගැන.

ඉතිං සමාජ මාධ්‍ය පාවිච්චි කරලා මේ වගේ දේවල් කරන එක ගැන වර්තමාන තරුණ පරපුරට ස්තූති කරන්න ඕන. මේ පවත්වාගෙන යන කොලිටි එකට මේ ගෲප් එක දිගටම කරගෙන යන්න ලැබෙන්න කියලා විශ් කරනවා. මම ත්‍රිමා... 💛🌻

#thrimaz #3මා

Comments

  1. රොම්බ නන්ඩ්‍රි ත්‍රීමා ❤️💐

    ReplyDelete
  2. රොම්බ නන්ඩ්‍රි ත්‍රීමා ❤️💐

    ReplyDelete

Post a Comment