“බත්ද කන්නේ ටීවී එකද?”
අම්මත් කෑම බෙදාගෙන සාලෙට ආවෙ සෑහෙන්න වෙලාවක් තිස්සේ කෑම එක අතගගා හිටපු පුංචි ත්රිමා ගාවට.
“ඉක්මනට ඕක කාලා ගිහින් ඉස්කෝලෙ වැඩ කරන්න.” අම්මා ආයෙ කියනවා.
“පිසික්ස් - මහේෂ් දුග්ගන්නාරාළ”
ඔය නම ටීවී එකේ ඒ දවස් වල නිතරම ඇහුන නමක්.
ඔහොම කාලෙ යනවත් එක්කම මම ටීවී බලන එක අඩු වෙනවා. මම වගේ ජෙන් සී එකේ ඉන්න ගොඩ දෙනෙක් සෝශල් මීඩියා වලට මූව් වෙනවා.
ඔය අතරේ මට ඊයෙ අහන්න ලැබෙනවා මහේෂ් දුක්ගන්නාරාල නැති වෙලා කියලා.
ඒත් මට එක පාරටම ඔළුවට එන්නේ නෑ මේ කියන පුද්ගලයා කවුද කියලා.
ඒත් ළගම කෙනෙක් නැති උනා වගේ හැගීමක් එන්නේ ඇයි කියලා මම කල්පනා කරද්දි තමයි මට ඔළුවට ආවෙ මේ සර් නේද අර ටීවී එකේ ඉස්සර ඇඩ් දැම්මේ කියලා.
මම මෙතන කියන්න යන්නේ මහේෂ් දුග්ගන්නාරාළ සර්ගෙ බ්රෑන්ඩ් එක අපේ ඔළු වල පොසිශන් වෙච්ච විදිය ගැන.
මහේෂ් දුග්ගන්නාරළ සර්ගෙන් ඉගෙනගත්තෙ නැති, ජීවිතේට දැකලාවත් නැති මිනිස්සු අද ඔහුගේ මරණය ගැන දුක් වෙනවා. ඒක ඒ ගුරුතුමාගෙ හොදකම විතරක් නෙවෙයි. ඔහුගේ ඇඩ්වටයිසින් වල පවර් එක.
දැන් ටීවී රේඩීයෝ වලින් ගොඩක් අය සෝශල් මීඩියා වලට ආවත්, අනාගතේදි මේ සිදුවීම හොද කේස් ස්ටඩී එකක් විදියට පෙන්නන්න පුළුවන්.
මහේෂ් දුග්ගන්නාරාළ ගුරුතුමනි,
ඔබට නිවන් සුව... 



Comments
Post a Comment