සෙක්ස්පීරියසන්ස් | පස්වන කොටස

ඔයා දැන් ඉස්සර වගේ ලියන්නෙ නෑ නේද ?

අවුරුද්දකට විතර පස්සේ එයාගෙන් ආව කෝල් එක ආන්ස කරාම එහාපැත්තෙන් ඇහුනේ ඒක. ඒත් එක්කම මගේ මතකය ඇදිලා ගියේ අවුරුදු ගානකට කලින් එයාගෙ හිතගන්න ලියපු ආටිකල් වලට. එයා ආස දේවල් හැම එකක් ගැනම වගේ මම රිසර්ච් කරලා ලියන්න පුරුදු වෙලා හිටියා. ඒත් එයා ගිය දවසේ ඉදලා ලැප් එක ඉස්සරහා ලියන්න කියලා වාඩි උනාට කිසිම දෙයක් ලියාගන්න බෑ. 

"තමුසෙගෙ හදවත මැරිලා..." ඒ වෙලාවට මම මටම කියාගන්නවා. 

"දැන් ඔයාගෙ බිස්නස් සෑහෙන්න හොදයි නේද ? මට ආරංචියි දැන් ලොකු ක්ලයින්ට් ටේල් එකක් ඉන්නවා කියලා." එයා අමුතු සතුටකින් අහනවා.
"ඔයා නැති ජීවිතේ මට මොන සතුටක්ද ?" කියලා මම හිතින්  හිතාගෙන ඔව් කියලා කිව්වා. 
"මම නැතුව ජීවත් වෙන්න දැන් හුරු වෙලාද ඉන්නේ ?"

"ඔයා ගිය දවසේ ඉදං මම හිටියේ මැරි මැරි රත්තරං. අදටත් පාන්දර තුන හතර වෙනකං කොට්ටේ බදාගෙන අඩනවා. මගේ කාමරේ තාමත් ඔයාගෙ සුවද පිරිලා තියනවා. උදේ අවදි වෙන වෙලාවට තාමත් ඇදේ අනිත්පැත්තෙන් බහින්නේ එහා පැත්තේ ඔයා නෑ කියලා අමතක වෙලා... තාමත් උදේට කුස්සියට එන්නේ පිටිපස්සෙන් ඇවිත් ඔයාව තුරුලු කරගන්න හිතාගෙන. හවසට ගෙදර එද්දී අරගෙන එන එක එක දේවල් වලින් සාලෙ පැත්තක් පිරිලා. ඉස්සර අපි තුරුලු වෙලා ටීවි බලපු තැන දැන් තියෙන්නේ හිස් බෝතලුයි අළුවෙලා ගිය සිගරට් කොටයි විතරයි." කියලා කියන්න ඕනෙ කමක් තිබුනත් "ඔව් දැන් ටිකක් හුරු වෙලා..." කියලා සුසුමක් හෙලන ගමන් කිව්වා.

"ත්‍රිමා, දෙයක් කියන්නද ?

ආදරේ තියෙන්නේ අහිමි වෙන තැන. අපි දෙන්නා බැන්ද නම් සමහර විට අපිට අපේ නොගැලපීම් එක්ක ජීවත් වෙන්න බැරි වෙනවා. අපි තාමත් එකට හිටියා නම් සමහරවිට අපි අතර සෑහෙන්න ප්‍රශ්ණ ඇති වෙන්නත් තිබුනා. ඔයාගෙයි මගෙයි ලෝක දෙක සෑහෙන්න වෙනස්. මට මගේ ජීවිතේ ටාගට් තියනවා. හැමදාම ජීවිතේ විදින්න කියලා ආදරේ කර කරම ඉන්න බෑනෙ..."
කෝච්චියක් වගේ කියවගෙන ගිහින් එක පාරටම එයාගෙන් නිහැඩියාවක් ආවා.
"මම රට යනවා..." එක පාරටම එයා එහෙම කිව්වා...

" ඒ ඇයි ? "



Comments