පොදු ගැන මගෙ පෞද්ගලික අදහස

පහුගිය ටිකේ වැඩ ගොඩගැහිලා නිසා මොනවත් ලියලා බ්ලොග් එක අප්ඩේට් කරන්නත් බැරි උනා. ඔය අතරේ තමයි මම දැක්කේ දෙරණ අමුතු වැඩකට ලෑස්ති වෙනවා. ඒ තමයි පොදු මිනි සීරීස් එක. මට මේක බලන්න ඕනම කියලා හිතුනේ මේකෙ පෝස්ටර් එකට ගියපු "මේකත් කොපියක් තමයි" කතාවත් එක්ක. කොහොම හරි ඉතිං මේක ලංකාවට හොද වෙනස් එකස්පීරියන්ස් කියලා මට හිතෙනවා. ඉතිං අද මේකේ අන්තිම එපිසෝඩ් එකත් බලපු නිසා මට හිතුනා මේකේ මම දැකපු අමුතු දේවල් ටිකක් ලියන්න ඕනෙ කියලා. මුලින්ම කියන්න ඕනෙ මේ මගේ පෞද්ගලික අදහස. මේකෙන් කාගෙවත් හිත් රිදීමක් වුනොත් මම සමාව ඉල්ලනවා. එහෙනම් අපි යමු කතාවට.


"පොදු" නම අහද්දිම මට හිතුනේ මේ මගුලට දාන්න වෙන නමක් තිබ්බෙම නැද්ද කියලා. නම නම් හෙනම විකාරයි. ඒත් ට්‍රෙන්ඩ් කරන්න පුළුවන්. එනිවේ මේක නිකං මීඩියා වල පවර් එක පෙන්නන්න දෙරණ කරපු වැඩක්ද කියලත් හිතෙනවා. මේකෙ මම දැක්කා මාර ආතල් සීන් ටිකක්. ඒ තමයි අපි සමාජෙ ඇත්තට දකින, දැකපු චරිත ටිකක් කතාව ඇතුලේ ලස්සනට ප්ලේස් කරලා තිබ්බ එක. ඒ කියන්නේ තනූජා ජයවර්ධන කරපු වාසුලීගෙ චරිතෙන් මම දැක්කේ දිල්කා සමන්මලීව. දිලාන් සේනානායක කරපු නාරදගෙ චරිතෙන් මම දැක්කේ අශේන් සේනාරත්නව. කළණ ගුණසේකරව දැක්ක ගමන් මතක් උනේ අපේ ළහිරු වීරසේකර සහෝදරයව. අනුරාධ සිගේරා කාර් එකේ ඉදං ලයිව් එන එක දැක්කාම මට විශ්ව ලංකා මතක් වෙලා පොඩි හිනාවක් ගියේ දෙරණට මේකට සිගේරා නැතුව විශ්වම ගන්න තිබ්බනේ කියලා හිතිලා.

දැන් ඔයාලට හිතෙනවා ඇති ආදිගෙ චරිතෙ කරපු රන්දිකගෙන් මම කාවවත් දැක්කෙ නැද්ද කියලා. දැක්කා. පොර මහසෙන්ගෙ මීඩියා සෙකට්‍රි උන ගමන්ම මගේ ඔළුවට ආවෙ අපේ පාඨලී ඇමතිතුමාගෙ මීඩියා සෙකට්‍රි ධනුශ්ක රාමණායක මහත්තයාව. ඒ ෆැශන් එක, හෙයාස්ටයිල් එක. කොහොම හරි ආදිගෙ චරිතෙ ගැන කියද්දි රන්දික ඒ චරිතෙට ඉතාම ලොකු සාධාරණයක් කරනවා. සම්මානලාභී නළුවෙක්ගෙන් අපි කොහොමත් ඒ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න ඕන.

"නිලූ". මම එයාගෙ වොයිස් එකටයි, ඇස් පිල්ලම් ගහන එකටයි ඇරෙන්න වෙන අකමැත්තක් නෑ. අර "ඒ තමයි මගේ ආදි" කියලා අමාරුවෙන් කියද්දි එක පාරක් මම යූ ටියුබ් ඇප් එකත් ක්ලෝස් කරලා දැම්මා මළ පැනලා. එයාගෙ ඇක්ටින් එක්ක මනෝජාගෙ ඇක්ටින් ගැන කතා කරොත් ඒ දෙන්නා අහසයි පොලවයි වගේ. මනෝජා රගපානවා කියලා තේරෙන්නෑ. ඒ ඇක්ටින් නම් සුපිරියි. මනෝජාගෙ කොල්ලා හර්ෂ, පොරත් ඉස්සරහට රගපාන්න ආවොත් හොදයි කියලා හිතෙනවා. මිනිහට සෙට් වෙන්නේ ටිකක් සීරියස් චරිත.

තව ලියන්න කම්මැලී. මේ අලුත් කීබෝඩ් එකේ ටයිප් කරන එක හෙන වේදනාවක්. මම ඉස්සර වගේ ආයෙ සතියකට සැරයක්වත් ආටිකල් එකක් දාන්න ට්‍රයි කරනවා. පොදු එක ගැන ශෙනාල් අයියත් ලියයි අනිවාරෙන්. එයාගෙ ආටිකල් එක මම කමෙන්ට් එකක දාන්නම්. එහෙනම් මගේ බ්ලොග් එක, පේජ් එක එක්ක දිගටම ඉන්න. කියවමු.

#3මා #thrimaz



Comments