අහිංසක කැරපොත්​තා

මම සාමාන්යයෙන් පාන්දර දෙක විතර වෙනකන් ඇහැරිලා ඉන්නවා. ඒත් දැන් කොරෝනා සීන් නිසා මම නිදාගන්න යන්නේ පාන්දර පහත් පහු වෙලා. ඉතිං මට තියන ප්රායෝගික ගැටළුවක් තමයි පාන්දර තුනට හතරට විතර චූ පාරක් දාන්න යන්න ඕන වෙන එක. මේ දවස් වල මම ගෙදර ඉන්න නිසා කාමරේ ඉදලා බාතෲම් එකට යනකොට මට ලයිට් තුන හතරක් දාන්න වෙනවා. ඒක නිසා මම ෆෝන් එකේ ලයිට් එක ගහගෙන ගිහිං බාතෲම් එකේ ලයිට් එක විතරයි දාන්නේ. ඉතිං පහු ගිය දවස් තුනේම මම බාතෲම් එකේ ලයිට් එක දානකොට කැරපොත්තෙක් දොර ගාව ඉදං එක පාරටම බය වෙලා දුවන්න ගියාම ලිස්සලා අනිත් පැත්ත හැරෙනවා. මමත් ඉතිං ගනන් ගන්නේ නැතුව පම්ප් එකක් දාල ලයිට් ඕෆ් කරන් යනවා. ඕක ඔළුවෙ තියාගෙන ඇදට ගියාම තමයි මට මතක් උනේ පොඩි කාලෙ මම හොරාට ෆෝන් එක තියාගෙන හිටපු විදිය. මම මුලින්ම ගෙදරට හොරා ෆෝන් එකක් ගන්නේ අට වසරෙදි. මම ඒක අරන් දවස් දෙකෙන් මාට්ටු උනා. මම ඕක පාවිච්චි කරේ ඇදට වෙලා පොතක් අස්සේ තියාගෙන. ඕකෙන් මම කරේ එළකිරි ත්රෙඩ් එකේ එක එක ඒවා කියවපු එකයි, චැට් රූම් වල පොර වෙන්න දගලපු එකයි. වැල බලපු එකයි. ඔය ෆෝන් එක අම්මට මාට්ටු උනේ මම ඕක පොතක් අස්සෙ දාගෙන ඉන්න වෙලාවක අම්මා කාමරේට ආව වෙලාවක. කළබලේට ෆෝන් එක බිමට වැටුනා. කියන්න සතුටුයි මිත්රවරුනි දුරකථනය මවුසතු උනා. ඔන්න ඕකයි සිද්දිය. කැරපොත්තෙක් ඇවිත් මට මගේ අතීතේ මතක් කරේ ඔන්න ඔහොමයි. හැපි මදස් ඩේ මේක කියවන කෙල්ලොන්ට. මම දන්නවා මේක ඇන්ටිලා කියවන්නෑ කියලා. 😏

Comments