මිලක් නැති ත්‍රිලක්

ලයික් දාහක් උන එකටත් මුකුත් ලියන්න බැරි උනා. මේ ටිකේම අළුත් වැඩත් එක්ක පට්ටම බිසී සීන් එකේ හිටියේ. Thrimaz.exe ツ කියලා අළුත් brand එකකට අතගැහුවා. ඕව කර කර ඉන්න අතරේ මම මේ ටිකේ දැක්කා සන්නස්ගල සර් පොඩි වලියක පැටලිලා. බුකී ප්‍රජාව පිල් බෙදිලා මරාගන්නවා. ඉතිං මට මේ නින්ද යන්නැති පාන්දර හෑල්ලක් ලියන්න හිතුනා මේ සීන් එක ගැන. මම මුලින්ම තැප්‍රොබේන් එකට යන්නේ සැප්තැම්බර් මාසෙක. ඒ සාහිත්‍යය මාසෙ. මගේ අතේ පොතක් ගන්න සතපහක් තිබ්බේ නෑ. මම තව යාළුවෙක් එනකන් තැප්‍රොබේන් එකේ තිබ්බ පොත් බලබල ඇතුලට වෙලා හිටියා. එතන මරු. ලේසියෙන් නොලැබෙන Book pub vibe එකක් තිබ්බා. සන්නස්ගල සර් තව කොණ්ඩයෙක් එක්ක බර කතාවක. මම කබඩ් එකකට කවර් වෙලා ඒ දිහා බැළුවා. කරුමෙක මහත. සන්නස්ගල සර් මම බලනවත් එක්කම ෆොටෝ එකක් ගැහුවා අනිත් පොරගෙ. එවෙලේ මම හිතුවේ නෑ මාවත් වදින්න ඇති කියලා. කොහොම හරි ගෙදර ඇවිත් හතර වටෙන් නොටිෆිකේශන් එනකොට තමයි දන්නේ බඩු පත්තු වෙලා කියලා. එතන මම ඉන්නවා දැකපු සන්නස්ගල සර් අපිට කෝපි එකක් බොන්න කතා කරා. ඒක තමයි මම තැප්‍රොබේන් එකෙන් බිව්ව පළවෙනි කෝපි එක. කොහොම හරි ගියපු පළවෙනිම දවසේ පැය තුනක් විතර එතන හිටියා. මාත් එක්ක ආව මගේ මිත්‍ර මහේල අයියා රුපියල් දෙදාහකට රුපියල් දහදාහක විතර පොත් ගත්තා. අපි එතන ඉන්නකොට මුලින්ම එතනට ආවෙ Kalana Gunasekara. මට ඉතිං හෙන ආතල්. සෙලිබ්‍රිටීස්ලනේ. ටික වෙලාවකින් ආවා Dasun Pathirana. ඊට පස්සේ ආවා පතෝලයා එහෙමත් නැත්තම් අංජන ප්රේමරත්න. ඉතිං අපි පොත් අරගෙන යන්න හදනකොට මහේල අයියට ෆොටෝ එකක් ගන්න ඕන උනා. මම කම්මැලි කරත් අද සතුටු වෙනවා ඒ ගත්ත ෆොටෝ එකට. එදා ඒ ෆොටෝ එක ගනිද්දි එදා මලාට හිතුවේ නෑ මේ සෙට් එක ආසම නළුවො ටිකක් වෙයි කියලා. කොහොම හරි පළවෙනි දවසේ මම ඒ ෆොටෝ එකත් අරන් එළියට එනකොට ලස්සන ෆ්රේම් එකක් අහුවුනා. මම ඒ ෆොටෝ එක ගත්තේ හොරාට. ගෙදර ඇවිත් එඩිට් කරාම තේරුණේ ඒ ෆොටෝ එක පට්ටයි කියලා. කෝම හරි ඊට පස්සෙ මම සෑහෙන්න තැප්රොබේන් ගියා. සෑහෙන යාළුවො අදුන ගත්තා. කවුරු මොනවා කිව්වත් ලංකාවෙ ඒ විදියේ experience එකක් ගන්න පුළුවන් එතන විතරයි. ඕකේ. මට නිදිමතයි. මම යනවා නිදාගන්න. කොරෝනා ඉවර වෙලා ආයෙ තැප්රොබේන් යන්න ඕන. ඔයාත් ගිහින් බලන්න... ✌️

#Thrimaz

Thrimaz, Royal Thaprobanian, Sannasgala, Radical

 

Comments