බස් එක

 

කාලයක් තිබ්බා. පාන්දර දෙකහමාරට නැගිටලා පාන්දර තුනට කොළඹට තියන සීටීබී බස් එකේ නැගලා පැය පහ හයක ගමනකින් කොළඹට සේන්දුවෙන. පස්සෙ කාලෙක දක්ෂිණ අධිවේගී මාර්ගය හැදුනත් එක්ක අපි ඒකට හුරු උනා. සෑහෙන්න අපේ කාලය ඉතුරු උනා. ආයෙත් කාලයක් ආවා. කොළඹ ගෙදර වගේ උනු. සීටීබී බස් එක පවුලේ වාහනේ උනු. කොළඹ සීටීබී එකෙයි ගමේ සීටීබී එකෙයි ලොකු වෙනසක් තිබ්බා. ගමේ සීටීබී එකේ ඩක ඩක සද්දෙයි ඉබි ගමනයි අපිට හොදට හුරුයි. කොළඹට ආවාම වේගෙන් යන සින්දු දාපු සීටීබී තිබ්බා. ඒත් කොළඹ ට්‍රැෆික් එකත් එක්ක ඒවට ගොඩක් වෙලාවට හෙමින් යන්න උනා. ඔය බස් දෙකේම පොදු සාධකයක් නිතරම මම දැක්කා. ඒ තමයි ඉන්ජිම උඩ තියන බඩු ටික. අපේ පංතියේ මිනිස්සු ගොඩකට ඉන්ජිමත් එක්ක ලොකු සම්බන්ධයක් තියනවා. මම ඉස්කෝලෙ ගිය සමූපකාර බස් එකේ ඉන්ජිම උඩ බෑග් එක දාල ඩ්‍රයිවර් අන්කල්ගෙ ශීට් එක පිටිපස්සට යන්න හුරු වෙලා හිටියා. පස්සෙ කාලෙක අපි ක්ලාස් යන්න පටන්ගත්තා. එතකොට මම පොත් ටික ඉන්ජිම උඩ තියලා ඉස්සරහා දොරේ යන්න හුරු උනා. ඒ ලෙවල් වලට එද්දී දොර මාරු උනා. පිටිපස්ස දොරේ යන එකේ පොඩ්ඩක් වෙනස් ආතල් එකක් තිබ්බා. පිටිපස්සෙ දොරේ යද්දී තමයි කෙල්ලොන්ට ලයින් දාන්නත් ලේසි. ඒ ලෙවල් මැද වෙද්දි අන්තිම ශීට් එක සෙට් උනා. පෙම් මුල්ල. කෙල්ලො තුන හතරක් එක්කම ඔය ශීට් එකේ ගියේ වෙන ශීට් එකක ගියොත් ඒ සම්බන්ධකම් කැඩේවි කියලා හිතිලද මන්දා. කොහොම හරි මාත් එක්ක එහෙම ගිය ගෑල්ලමයි දෙන්නෙක් වැදගත් විදියට වෙන කොල්ලො එක්ක සෙට් වෙලා මට බූට් තිබ්බා. තව එක්කෙනෙක් මහන වෙන්නත් ගියා. ඒත් මම බස් එකේ යන එක නැවැත්තුවෙ නෑ. මට කැම්පස් එකේ යාළුවෙක් හිටියා. ඒකි හෙන පොශ් මමී රිච් ඩැඩී සීන් එකේ. කවදාවත් බස් වල ගිහින් නෑ කියලා හෙන ගැම්මෙන් කියන්නේ. මට ඒ කියන කියන වාරයක් පාසා හිතෙන්නේ "උඹට ජීවිතේ සෑහෙන්න දේවල් මිස් වෙලා ඇති බං..." කියලා. කොහොම උනත් මම තාමත් පුළුවන් හැම වෙලාවෙම බස් එකේ තමයි යන්නේ...

#3මා
#Thrimaz 

Thrimaz, Bus, Travel, Life, Sinhala, Story


Comments