මොනවද මේ Digital Footprints...?

මොනවද මේ Digital Footprints ?

ඔයා ෂර්ලොක් හෝම්ස් ෆෑන් කෙනෙක් නම් footprints කියපු ගමන්ම ඔයාගෙ ඔළුවට එන්නේ අපරාධකාරයෙක් ඉතුරු කරලා ගිය පා සටහන්. ඉතිං මේ digital footprints කියන්නෙත් ඒවගේ පා සටහන් ජාතියක් තමයි. ඒ තමයි අපි නොදැනුවත්වම අපි විසින් අන්තර්ජාලයේ ඉතිරි කරලා යන පාසටහන්. ඔයා ඔයාගෙ යාළුවෙක්ගෙ ෆොටෝ එකකට දාන ලයික් එකේ විතරක් නෙවී, online survay එකක් කියලා fill කරන form එකක් පවා ඔයාගෙ digital footprint එකක් වෙන්න පුළුවන්. අපි අන්තර්ජාලයට upload කරන කිසිවක් කවදාවත් මුළුමනින්ම ඩිලීට් කරන්න බෑ.

ඉතිං අපි digital footprint වලට උදාහරණ මොනවද කියලා කතාකරොත්, මුළින්ම කතා කරන්න වෙන්නේ ඔයාගෙ browser history එක ගැන. ඔයාගෙ web browser history එක තමයි ඔයාගෙ ප්‍රධාන digital footprint එක. ඔයා අන්තර්ජාලය තුල කරපු හැමදෙයක්ම වගේ ඔයාගේ මේ web browser history එක තුල බලාගන්න පුළුවන්. තමන්ගේ පෞද්ගලික පරිගණකයකින් නොමැතිව internet browse කරන හැම වෙලාවකම private window එකක් යූස් කරන්න පුරුදු වෙන්න. පොදු ස්ථානයක පරිගණකයක් භාවිතා කරන ලද සෑමවිටකම browsing history එක ඩිලීට් කරන්න පුරුදු වෙන්න. browsing history එක වගේම තමයි ඔයාගෙ search history එකත්. search history එක කිව්වාම ඒකට අයත් වෙන්නේ Google search history එක විතරක් නෙවී. facebook, instagram වගේ යෙදුම් වලත් search history එකක් තියනවා. ඒවා භාවිතයේදීත් මේ ගැන සැලකිලිමත් වෙන්න. දෙවනි එක තමයි cookies. සමහර web site වලට මුල්ම වතාවට යද්දි ඔයාගෙන් අහනවා cookies කනවද කියලා. ඉතිං මේ cookies වලින් වෙන්නේ ඔයා ඒ site එකේදි කරන සියළුම දේවල් ගැන කුඩා document හදන එක. ඒ document එකේ ඔයාගෙ රුචිකත්වයන්, ඔයාගෙ භූගෝලීය ස්ථානය වගේ දේවල් ඇතුලත් වෙන්න පුළුවන්. ඉතිං මේ cookies වලින් බේරෙන්න නම්, ඔයා පුරුදු වෙන්න ඕනෙ ඔයාගෙ web browser එකේ cookies ක්ලියර් කරන්න. ඊළඟ කරුණ තමයි ඔයාගෙ සමාජ මාධ්‍ය භාවිතය. facebook, instagram විතරයික් නෙවෙයි, tiktok twitter, whatsapp වැනි යෙදුම් භාවිතයේදීත් ඔයා ඉතුරු කරලා යන digital footprints තියනවා. මේවට ඔයා upload කරන share කරන post විතරක් නෙවී. ඔයාගෙ comment, like පවා අයිති වෙනවා. ඔයාව ටැග් කරලා දාපු ෆොටෝ එකක් උනත් සමහර වෙලාවට ඔයාගෙ පෞද්ගලිකත්වයට හානියක් වෙන්න පුළුවන්. ඒ ගැනත් සමාජ මාධ්‍ය භාවිතයේදී සැලකිලිමත් වෙන්න.

ඉතිං මේ digital footprints ගැන සැලකිලිමත් වෙන කොට්ටාශ දෙකක් ඉන්නවා. එයින් එක් කොට්ටාශයක් තමයි digital marketing agencies. ඉතිං මේ agencies යටතේ ක්‍රියාත්මක වෙන digital research centers වල ගොඩක්ම කරන්නේ මේවගේ digital footprints ඔස්සේ තමන්ගේ අවශ්‍යතාවලට ගැලපෙන තොරතුරු හොයාගන්න එක. උදාහරණ විදියට #stronggorgeouswoman හා #10yearschallenge  වගේ සමාජමාධ්‍ය රැලි දක්වන්න පුළුවන්. මට මතකයි #stronggorgeouswoman ටැග් එක භාවිතා කරලා සමාජමාධ්‍යගත කරලා තිබුණු චායාරූප මගින් Online Dating Sites පවා හැදුනා. #10yearschallenge  එක මිනිස්සු අතරට ආවෙ Facebookලගෙ face recognition AI එක optimize කරන්න කියලත් ඒ කාලෙ කතාවක් ගියා. මේ දවස් වල යන #cancelnetflix රැල්ලත් ඔය වගේම දෙයක් තමයි. ඉතිං මම ඉස්සර නම් හිතං හිටියේ මේ digital research centers තියෙන්නේ පිටරටවල් වල වෙන්න ඇති කියලා. ඒත් මට පස්සේ ලංකාවෙ research center එකක් එක්ක අත්දැකීම් ලබාගන්න අවස්ථාවක් ලැබුනා. #funfact ලංකාවෙ digital ​marketing research කියලා වෙන තරමක් වෙන්නේ Docs වලින් survey එකක් හදලා මිනිස්සුන්ගේ මතය විමසන එක.

මම මුලින් කිව්වා වගේ digital footprints ගැන සැලකිලිමත් වෙන කොට්ටාශ දෙකක් ඉන්නවා. ඉතිං මේ දෙවනි කොට්ටාශය තමයි Hackersලා ඉතිං එයාලා මේ දත්ත අරගෙන කරන්නේ ඒ දත්ත තොරතුරු බවට පත්කරලා ප්‍රයෝජනයක් ගන්න පුළුවන් අයට විකුණන එක. සරලම උදාහරණයක් විදියට මම පාසලක ඉගෙනුම් කලමනාකරණ පද්ධතියට ඇතුල්වෙලා, පසුගිය අවුරුදු කීපය ඇතුලත සාමාන්‍ය පෙල සිසුන් ගණිතය විශයට අදාලව කරපු ඇගයීම් වාර්තා ටික හොරකම් කරලා ගණිතය පිළිබද උපකාරක පන්ති ගුරුවරයෙකුට අලෙවි කරනවා. ඒ ගුරුතුමා ඒ වාර්තා අධ්‍යයනය කරලා ළමයි වැඩි දෙනෙක් දුර්වල ඒකකයන් මොනවද කියලා හොයාගෙන ඊළඟ ප්‍රචාරක ව්‍යාපාරයෙදි ළමයි වැඩි දෙනෙක් දුර්වල ඒකකයන් සදහා අමතර සම්මන්ත්‍රණ ආදිය පවත්වනවා. ඒ වගේ තමයි Hackersලත් දත්ත සොරකම් කරලා ඒවා අදාල අංශ වලට විකුණන්නේ.
ඉතිං මොකද්ද ඔයාට මේවගෙන් බේරෙන්න කරන්න පුලුවන් කියලා ඔයා දැන් හිතනවා ඇති. පළවෙනියටම ඔයාට කරන්න පුළුවන් දේ තමයි සමාජ මාධ්‍ය තුල කිසියම් දෙයක් පලකිරීමට කලින්, “මේ දේ මම පල කරන්නේ කුමක් නිසාද?, මේ පලකිරීම දකින මගේ දෙමාපියන්, හිතවතුන්, සමාජය මොනවා හිතයිද ?, මා මේ පල කරන දේ අන් අයක් විසින් පල කරොත් එමගින් මට හානියක් වෙයිද ?” යන කරුණු පිළිබදව හිතලා බලන එක. ශක්තිමත් password භාවිතා කරන්න පුරුදු වෙන්න. Privecy settings පිළිබදව හොදින් දැනුවත් වෙන්න. සමාජ මාධ්‍ය ජාලා භාවිතයෙන් පසු සෑම විටකම logout වෙන්න පුරුදු වෙන්න. අනවශ්‍ය, භාවිතා නොවන සමාජ මාධ්‍ය ජාලා අක්‍රිය කරන්න. හැකි සෑමවිටකම terms & conditions කියවන්න. අනවශ්‍ය අවස්ථාවන්හි geo tagging option එක off කර තබන්න. ආගන්තුක වෙබ් අඩවි වලට ඇතුල්වීමේදී පෞද්ගලික තොරතුරු ඇතුලත් කිරීමට පෙර සැලකිලිමත් වන්න. Googleහි තමාගේ නම search කරලා පෙන්නන search result එක ගැන බලන්න පුරුදුවෙන්න. Googleහි තමන්ගේ නම search වෙලා තියන විදිය ගැ​න හොයන්න පුළුවන් plugins භාවිතා කරන්න. මේ දේවල් පිළිබදව සැලකිලිමත් උනොත් ඔයා මේ අන්තර්ජාලය තුල සුරක්ශිතයි.

මතක තියාගන්න කෙනෙක්ගෙ Digital Footprints කියන දේ අන්තර්ජාලය තුලින් 100%ක් ඉවත් කරන්න බෑ. ඔයා ඔයාගෙ Digital Identity එහෙමත් නැතිනම් Social Media Personality එක සැලකිලිමත් වෙනවා නම් මේ කියපු දේවල් ඔයාට උදව්වක් වෙයි. ඉතිං මේක කියවලා ඔයා දෙයක් ඉගෙනගත්ත නම්, මේකෙ මට වැරදුන තැනක් තියනවා නම්, ඔයාට තේරුනේ නැති දෙයක් තියනවා නම් පහල comment section එක ඔයාට බාරයි. තවත් content එකකින් හමුවෙමු.
ජය.

#Thrimaz

Thrimaz, Digital Footprint, Sinhala, Srilanka, Hacking,

 

Comments