සෙක්ස්පීරියන්ස් | හතරවන කොටස

Relationship goals දන්නවද…? “එයත් එක්ක කවදාහරි ලෝකේ වටේ යන්න…” “එයා එක්ක ෆෙරාරියක නැගලා ශොපින් යන්න…” වගේ ස්ටේටස් දානවා ෆොටෝ එකක් එක්ක. ආ තව කෙල්ලෙකුයි කොල්ලෙකුයි බාගෙට ඇදගෙන කුස්සියක කිස් කරන ඒවා හරි. බ්‍රෑන්ඩඩ් ජොකෙකුයි පෑන්ටියකුයි උඩින් ලොගෝ එක පේන විදියට දෙන්නගෙම අත්දෙක තියාගෙන ‍‍හරි ඉන්න ෆොටෝ එකක් හරි වීඩීයෝ එකක් හරි දාලා “දවසක අපි දෙන්නා” වගේ පෝස්ට්, ස්ටෝරි දාන එක. පොඩි එකෙක්ගෙ ෆොටෝ එකක් අරගෙන ඒකට “දවසක අපේ පොඩ්ඩා” වගේ කැප්ශන් දාන එක. ඔන්න ඕවා තමයි දැන් ලංකාවෙ ගොඩක් කෙල්ලොන්ගෙ රිලේශන්ශිප් ගෝල්ස්. මේකේ දුක හිතෙනම පැත්ත ඇවිල්ලා උන් ඔක්කොම වගේ ටීනේජස්ලා. මේ වගේ ඩ්‍රීම්ස් තියන එක වැරැද්දක් නෙවී. ඒත් බාල්දියත් අරන් වත්ත පල්ලෙහාට යන එකෙක් දවසෙම ෆෝන් එක ඔබ ඔබ ඔය වගේ පෝස්ට් දැම්මාම කෞදත්තෝ උඹලව ගන්න ෆෙරාරි වලින් එන්නේ. මේකෙ දරුණුම සීන් එක තියෙන්නේ සමාජශීලී නොවී යාළුවෝ අඩුවෙන් ඉන්න (බොක්කෙ යාළුවො) ගෙදර මිනිස්සු එක්ක වැඩිය විවෘත නැති මගුල් විසේ ඉහට ගහපු උන්ට.
මේක මම කොල්ලොන්ගෙ දකිනවා අඩුයි. කොල්ලෝ බහුතරයක් ඕලෙවල් ඒලෙවල් කාලෙදි ටාගට් එකක් තියා ගන්නවා. ඒකත් හැබැයි අර තොරතුරු වල ගෝල්ඩන් රූල් එක වගේ තමයි. කාලයත් එක්ක ටාගට් එක යට යනවා. කොල්ලොන්ට නම් ගොඩ යන්න තියන චාන්සස් සාපේක්ශව වැඩී. අඩුම ගානෙ හොද කොත්තු බාස් කෙනෙක් උනත් මාසෙකට ලක්ශෙකට කිට්ටු වෙන්න හොයන්න පුළුවන්.ඒත් සාමාන්‍යයෙන් මධ්‍යම පාන්තික කෙල්ලෙක්ට කෝස් එකකටවත් යාගන්නවත් බැරි උනොත් ෆොටෝශූට් එකක් කරන එක තමයි තියෙන්නේ. ඒත් සිරාවටම ගත්තොත් කෙල්ලෝ බහුතරය කොල්ලන්ට වඩා දක්ශයි. ඒත් අර සුළුතරය ගැන කතා හිතන්නෙ කෞද…?
මට මේ මාතෘකාව කොහෙත්ම රිලේටඩ් දෙයක් නෙවෙයි. අඩුම ගානෙ මට රිලේශන්ශිප් එකක්වත්, මගේම කියලා අක්කලා නංගිලාවත් නෑ. ඒත් මම ටික කාලෙකට කලින් මගේ බිස්නස් පේජ් එකෙන් ෆැශන් මොඩ්ල් කෙනෙක්ට වේකන්සියක් දැම්මා. ඒකට සීයට හැත්තෑවක් විතර ඇප්ලයි කරලා තිබ්බේ ඕලෙවල්, ඒලෙවල් ඉවර උන කෙල්ලෝ. මම ඔක්කොටම වගේ වෙන වෙනම කතා කරා. බහුතරයක් දෙනා හිටියේ සුරංගනා ලෝක වල. මොඩ්ලින් ඇකඩමි කියන්නේ මොනාද කියලා පවා සමහරුන්ට කියලා දුන්නේ මම. සමහරු එක්ස්පීරියන් දාලා තිබ්බේ ගමේ අවුරුදු කුමාරි උන එක. ගෙට් එකේ මොකක්හරි මිස් කෙනෙක් උන එකක්. ඉන්ස්ට account එකේ link එක වගේ ඒවා. මුල් ඇප්ලිකේශන් දැක්කාම හිනා ගියත් පස්සේ පස්සේ ඒවා වැඩි වෙනකොට මට තේරුණා මේක සිරා කේස් එකක් කියලා.
කොහොමහරි මට කියන්න ඕන උනේ උඹලාගෙ අම්මලා තාත්තලා උඹලට උගන්නලා උස්මහත් කරන්නේ ඒ ගොල්ලො අපිට දැන් දීලා තියන ජීවන මට්ටමටත් වඩා උසස් තැනකට උඹලව ගෙනියන්න. උඹලා කොහෙවත් ඉන්න සුදාම්මිලා සුදු තාත්තිලා එක්ක ෆැන්ටසිවල ජීවත් වෙන්න හීන දැක්කට කිසිම අවුලක් නෑ. ඒත් රියලිටියට එන්න පෝටල් එකක් තියාගනින්. අපි ඉන්නේ ලංකාවේ. උඹ කියන්න පුළුවන් උඹ ගාව ත්‍රී බිලියන් IQ බිස්නස් අයිඩියා එකක් තියනවා කියලා. ඒත් මචං අපි ඉන්නේ ලංකාවේ. එනිවේ තීරණය උඹේ අතේ මොඩ්ල් කෙනෙක් වෙන්න බලාගෙන කියෙව්වා නම් සොරි. දුකට ලිව්වේ.
 
 
Thrimaz, Sinhala, Sex, Love, Sri Lanka, Modeling

 

Comments

  1. How to Play Roulette | Bwin Casino NJ
    Roulette is the favourite game of your life. 원주 출장샵 It's 안성 출장마사지 a classic 보령 출장안마 and it's easy 파주 출장샵 to play and this 안동 출장마사지 game is sure to please players.

    ReplyDelete

Post a Comment