ලංකාවේ තහනම් උන තවත් ඇඩ් එකක්.


පාන්දර දෙකට විතර තාත්තාගෙන් මට කෝල් එකක් එනවා.
“මොකද කරන්නේ?”
“මම මේ පොතක් කියවනවා තාත්තේ…”
“මොකක්ද පොත?”
“මේ නිකං ගයිඩ් බුක් එකක්.”
“ඒකට නමක් නැද්ද?”
“When Things Fall Apart කියලා පොතක්…”
“තමුසේ තාම අවුලෙන්ද ඉන්නේ?
අද දවසට සිගරට් පැකට් කීයක් බිව්වද?
ඕවා ගැන ඔච්චර හිතන්න එපා…
මිනිස්සු ජීවිතේට එනවා යනවා..
කැම්පස් එකේ වැඩ කොහොමද?
අතේ සල්ලි තියද?”
එක දිගට ප්රශ්ණ කෝටියයි.
ඉතිං ඔහොම ටික වෙලාවක් කතා කරලා ඉවර වෙලා තාත්තා ෆෝන් එක කට් කරා.
ෆෝන් එක කට් කරනවත් එක්ක මම අතේ තිබුණ පොත පැත්තකින් තිබ්බේ පාන්දර ආපු නොටිෆිකේශන් එක මොකක්ද බලන්න...
“තාම ඇහැරිලා ඉන්නේ ඇයි, නිදාගන්නැද්ද?” කාලෙකට කලින් අතෑරලා දාපු කෙනෙක්ගෙ මැසේජ් එකක් නිසා මම ඒක සීන් නොකර යූටියුබ් ඇප් එක ඕපන් කරා... 💔
“අවුරුදු දෙකකට විතර කලින් Union Assurance එකෙන් කමල් අද්දරආරච්චිත් එක්ක කරපු ටීවී කම’ෂල් එකක් මට උඩින්ම සජෙස්ට් උනා. හිතේ පොඩි නොස්ටැලජියාවකුත් එක්ක මම ඒ ඇඩ් එක බලන්න ගත්තා.
ඒ වීඩියෝ එක සෑහෙන්න හැගීම් පිරුණු වීඩියෝ එකක්. තාත්තා කෙනෙක් තමන්ගේ දුව වෙනුවෙන් තමන්ගේ ඇස් දෙක කැප කරලා, ඒ කරපු කැප කිරීම නොදන්න දුව ඒ තාත්තව අතෑරලා දාල ජීවත්වෙන ප්ලොට් එකම මාර ස්ට්රෝන්ග්. ඒ ප්ලොට් එක තවත් රස වෙන්නේ කමල් අද්දරආරච්චිගේ රංගනයත් එක්ක. ඇඩ් එක පටන් ගන්නකොටම ගහක මලක් පිපුණු සතුටට දුවේ කියලා කෑ ගහන තැන ඉදලා, තමන්ගේ ව’ක් ශොප් එක පහු කරගෙන යන දුව දිහා ඇස් නොපෙනුනත් ඒ බලන තැන, “ඒ ඇක්සිඩන්ට් එක වෙනකොට ඔයා ගොඩාක් පොඩි දරුවෙක්” කියන තැනට එනකන්ම කමල් අද්දර ආරච්චිගේ රංගනය ඉතා විශිෂ්ඨයි.
ලෝකෙ පුරා ගොඩක් රටවල් වල හදවතට දැනෙන විදියට කරපු මේ වගේ කම’ෂල්ස් ගොඩක් තියනවා. මම ඒවා ගැන මගේ පේජ් එකේ වගේම ප්රොෆයිල් එකෙත් සෑහෙන්න කතා කරලා තියනවා. ඉතිං පළවෙනි පාරට ලංකාවෙ කම’ෂල් එකක් ගැන ලියන්න හිතුනේ මේ වගේ නිර්මාණ ලංකාවේ ගොඩක් සීමිත නිසා.
ඒත් මේ කමෂල් එකේ දුක හිතෙනම දේ තමයි, මේක ලංකාවේ ටීවී වල විකාශනයට වාරණයක් පනවනවා. සරලවම කිව්වොත් මේ ඇඩ් එක ටීවී එකේ පෙන්නන එක තහනම් කරනවා. ඒකට හේතුව වෙන්නේ ලංකාවේ නීතියට අනුව ජීවත් වෙලා ඉන්න කෙනෙක්ට තමන්ගේ ඇස් දන් දෙන්න හැකියාවක් නෑ කියන කරුණ මත. කොහොම උනත් අපිට අද සෝශල් මීඩියා නිසා ඒ ලස්සන වැඩේ තාමත් බලන්න පුළුවන්... 💛🌻













Comments