වැලන්ටයින්, මීටින් හා නිරෝධනය

කාලෙකින් මොනවත් ලියන්න බැරි උන නිසා පේජ් එකත් බ්ලොග් එකත් හොදටම පාළුවෙලා. ඉතිං මම හිතුවා මේ පාර වැලන්ටයින් එකට නිරෝධායනයේ ඉන්න නිසා හරියටම ගිය අවුරුද්දේ වැලන්ටයින් එක දවසේ උන කතාවක් ඔයාලට කියන්න. ඒ දවස්වල මම අපේ කැම්පස් එකේ වැඩකරේ. වැලන්ටයින් දවසේ මම නිවාඩුගත්තේ එදා මගේ ඉවෙන්ට් එකක මීටින් ටිකක් දාගෙන හිටපු නිසා. මේ මම කියන්නේ කොරෝනා පළවෙනි රෝගියා ලංකාවෙන් හොයාගත්ත කාලෙ. ඉතිං අපි එදා වෙච්ච කතාවට යමුකෝ...

මට එදා මීටින් හතරක් තිබ්බා. මුලින්ම මට කතා කරන්න තිබ්බේ කොළඹ ප්‍රධාන ජාත්‍යන්තර පාසලක අවුරුදු දහ අටත් විසි දෙකත් අතර කොල්ලො කෙල්ලෝ පස් දෙනෙක්ට. උදේ දහයට විතර අපි බම්බලපිටිය ජාවා ලෞන්ජ් එකේදි හම්බඋනා. අදාල ටොපික් එක කතා කරාට පස්සේ ඉතුරු වෙලාවෙ මේ ළමයි කතා කරන්න ගත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දේශපාලන හැසිරීම හා වර්තමාන ගෝලීය සබදතා වගේ මාතෘකා. ඒ දවස් වල තමයි ට්‍රම්ප් අර තෙවනි ලෝක යුද්ධයක් පටන් ගන්න එක ගැන පිස්සුවක් නැටුවේ. ඉතිං මාත් එයාලගෙ කතාවට පැයබාගයක් විතර හවුල් වෙලා ඉදලා, මගේ කෝපි එක බීලා මම එයාලට සමුදුන්නා. 

මට ඊළග මීටින් එක තිබ්බේ අවුරුදු විස්සක විතර ළමයි දෙන්නෙක් එක්ක. මම එයාලව හම්බඋනේ ටැප් හවුස් එකේදි. එයාලා කාලයක් තිස්සේ මගේ හොද යාළුවෝ. අපි කන බොන ගමන් ඉවෙන්ට් එකේ විස්තර ගැන කතා උනා. මෙයාලා තනිකරම හිටියේ මේ ඉවෙන්ට් එකේ ලාබෙ වැඩි කර ගන්න එක ගැනමයි. දෙන්නම කොළඹ ප්‍රධාන බෞද්ධ පාසලක ඉගෙනගෙන දැන් තමන්ගෙම ව්‍යාපාර පටන්ගත්ත අය. දෙමව්පියන්ට බරක් නොවී කොහොමද ඉස්සරහා ගමන යන්නේ කියන මානසිකත්වෙන් තමයි ඒ දෙන්නම. හිටියේ. මාත් එයාලා එක්ක ටික වෙලාවක් කතා කරලා දවල් කෑමත් කාලම ඊළග මීටින් එකට පිටත් උනා. 

මම ඊළගට ආවෙ මගේ ඉන්වෙස්ට'ගෙ මීටින් එකකට. එයාට වයස අවුරුදු 38ක් විතර. එයාගෙ පාට්නර්ස්ලත් මේකට සහභාගී උනා. මෙතන මම ඇරෙන්න හැමෝම බැදපු, ළමයි ඉන්න ව්‍යාපාරිකයෝ. මෙයාලා එක්ක මීටින් එක ඉවර උනාට පස්සේ තේකක් බොන ගමන් කට්ටිය එක්ක කතා කරන්න පටන්ගත්තා පුරුදු විදියටම මාතෘකාවෙන් පිට කරුණු. මෙයාලා කතා කරන්න ගත්තේ ඉස්සරහට එන කොරෝනා වසංගතයට ව්‍යාපාරිකයෝ විදියට මූණ දෙන්නේ කොහොමද කියන එක. ඒ කතා බහ ඉවර වෙද්දි හවස හතර විතර වෙලා. ඉක්මට මම එතනින් පැනගත්තේ හතරට ඊළග මීටින් එක තියන නිසා.

මම හතරේ මීටින් එකට කොහොම හරි හතරයි විස්ස විතර වෙද්දී ආවා. මේක තිබ්බේ මගේ හොදම යාළුවෝ ටික දෙනෙක් එක්ක. අපි බම්බලපිටියේ බ්ලිස් ලෞන්ජ් එකට තමයි ඉස්සර ඉදලා එන්න හුරු වෙලා හිටියේ. සෙට් උන වෙලේ වැදගත් විදියට මූළික මාතෘකාවේ හිටියත් ටික වෙලාවක් යද්දී ඉන්ස්ට වල කෙල්ලොන්ගෙ පස්සවල්  වගේ මාතෘකාවල් ඇවිත් අපේ වැදගත් කතාබහ සුපුරුදු බයිල ගැහිල්ලක් උනා. අපි රෑ අට විතර වෙනකං ඉදලා විසිර යන්න ලෑස්ති උනා. එතකොට තමයි අපේ නිශාචර සගයා "අහවල්" ක්ලබ් එකේ වැලන්ටයින් පාටියක් තියනවා යමු කිව්වේ. එතනින් පස්සේ ටික කියන්න බෑ මේ බ්ලොග් එක දැන් පොඩි අයත් කියවන නිසා. 

ඔන්න ඕකයි මට ගිය පාර වැලන්ටයින් එක දවසේ උනේ.  අදට නිරෝදානයට සතියක්. ඒක නිසා මට ආකයිව් අතර තිබිලා කියවන්න ලැබුන එකක් තමයි ආයෙත් මේ දැම්මේ. ඊළග වැලන්ටයින් එකටවත් මට අවංක ආදරයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරගෙන යන්නෙ ගායිස්... 😅✌️

#thrimaz #දවසකසමරිය 

Comments