බීලා මැරෙනවද නොබී මැරෙනවද ?

අද අප්‍රේල් විස්ස. ඒ කියන්නේ 4/20. ගිය අවුරුද්දෙත් මේ වගේ දවසක මම තනමල්විල කොල්ලෙක් ගැන රිවීව් එකක් ලිව්වා. ඒත් මේ යන විදියට ලංකාවේ ඔය නීතිගත නැති මගුල් ගැන කතා කරනවට වඩා මේ වෙලාවෙ කතා කරන්නම ඕන නීතිගත දේවල් වලට ඇති වෙලා තියන ප්‍රශ්ණ ගැන. ඒ වෙන මුකුත් නෙවෙයි. “අරක්කු”. 

අරක්කු කියන්නේ කොහොමත් ශරීරයට අහිතකර දෙයක් නේ. ඒත් අහිතර දෙයකටත් පරිබෝජනය කරන්න පිරිසක් ඉන්නවා නම් ඒකට ප්‍රමිතියක් තියෙන්න ඕනෙ. දැන් මෙතන මම කතා කරන්නෙ බොන්නැති උන්ට පොවන්න ඕන කියන එක නෙවෙයි. බොන උන් ටිකට ජරාව පොවන්න එපා කියන එක.
පහුගිය දවසක ගලෙන්බිදුනුවැව කොල්ලො දෙන්නෙක් මැරිලා තිබ්බා අරක්කු වස වෙලා. අම්මා මුත්තා කාලෙවත් අරක්කු වස වෙලා මීනිස්සු මැරිලා කියලා අහලා තියද ?. ඔතන කේස් එක වෙලා තියෙන්නේ අරක්කු හදන්න ගන්න  පොල් රා වලට තියන ඉල්ලුමට, දෙන්න සැපයුමක් නැති නිසා අරක්කු හදන්න දැන් කෘතිම රා පාවිච්චි කරන එක. අපි පහුගිය දවස් වල දැක්කා පොලීසියෙන් ඔය කෘතිම රා හදන පොට් ටික වටලනවා. කෘතිම රා වල සීන් එක තියෙන්නේ, ඕකට එක එක ජරාව දාල පැහෙන එක ඉක්මන් කරන එක. ඒ කියන්නේ අපේ අයියලා ඕකට පරණ ෆෝන් බැට්‍රි එහෙමත් දානවා. නිකල් කැඩ්මියම් කියන්නේ කොච්චරන් වසක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. 
ඔය කතන්දරේ පහුගිය කාලෙ පාර්ලිමේන්තුවෙත් කතා උනා. ඒත් ඕකට කිසි පියවරක් ගන්න පාටක් තිබ්බේ නෑ. කොටින්ම ලංකාවෙ නිපදවන අරක්කු වලට කිසි ප්‍රමිතියක් නෑ. සුරාබදු එකෙන් ප්‍රමිතියක් තියනවා කියලා කොච්චර කිව්වත් ප්‍රමිතිය නියාමය කරන්න කිසිම ආයතනයක් නෑ. ඔයාල කවදාවත් අහලා තියද බාර් එකක වැටලීමක් කරලා සෞඛ්‍යයට අහිතකර මත් පැන් මෙචරක් වැටලුවා කියලා. ඔන්න ඔය සීන් එක නිසා තමයි අපි අතර මතයක් තියෙන්නෙ “ ෆුඩ් සිටියේ අරක්කු හොදයි. බාර් එකේ අරක්කු හොද නෑ “ කියලා.
මේකෙ නරක අරක්කු නොබොන මිනිස්සුන්ටත් තියනවා. මොකද අපේ විනාකිරි නිශ්පාදකයෝ බහුතරයක් දෙනා කෘතිම රා තමයි තමන්ගේ නිශ්පාදන කටයුතු වලට පාවිච්චි කරන්නේ. ඉතිං අරක්කු නොබොන අපේ අහිංසක මිනිස්සුන්ටත් වකුගඩු සහ අක්මා ආශ්‍රිත ගැටළු එන එක අහන්නත් දෙයක්ද ?
ඉතිං අන්තිමට කියන්න තියෙන්නේ පොල්තෙල් වල විස ගැන කතා කරන්න කොච්චර මිනිස්සු හිටියත් ලංකාවේ ඉන්න අහිංසක බේබද්දෝ ටිකට වෙන අසාධාරනය ගැන කතා කරන්න ඉන්නේ නොබීපු වෙලාවටත් බීලා වගේ ඉන්න අපි වගේ අහිංසක මිනිස්සු විතරයි කියලා. 






x
x

Comments

  1. LuckyClub Casino site - Luckyclub Live
    Luckyclub luckyclub.live is a gambling site offering all kinds of gambling, all of which have their own special features. They offer a huge number of fun games, including blackjack,

    ReplyDelete

Post a Comment