Zedge එකේ trending ඇවිත්...

මම අද වැඩ ටික වේලාසන ඉවර කරලා ෆෝන් එකත් අරන් ඇදට වැටුනේ පාන්දර තුනට විතර. ෆෝන් එක අතට අරන් බලන කොට වස්සැප් මැසේජ් එකක් උඩින්ම තියනවා Chanuka අයියගෙන්. ෆොටෝ එකක්. ඕපන් කරලා බැළුවාම Screenshot එකක්. Zedge එකේ මගේ ෆොටෝ එකක් Trending ඇවිත්. අවුරුද්දකටත් කලින් අප්ලෝඩ් කරපු ෆොටෝ එකක්. දාහ දෙදාහ Download තිබ්බට මීට කලින් කවදාවත් මගේ ෆොටෝ එකක් Trending ඇවිත් තිබ්බේ නෑ. මම Zedge එකට ෆොටෝ දාන්න ගත්ත කාලෙ ආසාවට ෆොටෝ Upload කරා මිසක් කවදාවත් Revanue එකක් ගැනවත් හිතුවේ නෑ. ඒත් සමහර ෆොටෝස් වල ඩවුන්ලෝඩ් ගාන දැක්කාම මට එන සතුට සල්ලි වලට ගන්න බෑ. මේ ෆොටෝ එක Trending ඇවිත් තියෙන්නේ ඊයෙ. ඒක නිසා මේ ටිකේ සෑහෙන්​න Download වෙලා තියනවා ගොඩක්. ඉතිං නිදාගන්න ඇදට ගිය මම ආයෙත් නැගිටලා ලැප් එකත් ඔන් කරගෙන මේසෙට වාඩි උනේ මගේ ඩේලි ලොග් එකේ මේක ලියලා තියන්න. එතකොට තමයි මට හිතුනේ මේ සතුට සමරන්නත් එක්ක මේක පේජ් එකේ දාන්න ඕන කියලා.
ඉතිං මොකක්ද මේ zedge කියන්නේ. zedge කියන්නේ Wallpaper & Ringtone ඇප් එකක්. මේ ඇප් එක දාගත්තාම අපිට පුළුවන් අපේ ෆෝන් එකට Customize Wallpapers, Ringtones එහෙම දාගන්න. මේ ඇප් එක මම කාලයක් තිස්සේ යූස් කරනවා. අපි මේ ඇප් එකේ ඉතිහාසෙ ගැන කතා කරොත් මේ ඇප් එකට එච්චර හොද ඉතිහාසයක් නෙවී තියෙන්නේ. මේ ඇප් එක කාලයක් bugs ගොඩක් පිරුණු ඇප් එකක්. මේ ඇප් එකේ bugs නිසා කාලයක් Apple එයාලගෙ Appstore එකෙන් මේ ඇප් එක අයින් කරලත් තියනවා. ඒත් මේ ඇප් එකට හිටපු Usersලා නිසා මේ ඇප් එක තිබුන වැරදි හැමදෙයක්ම හරිගස්සගෙන ආයෙත් ජනප්‍රිය වෙන්න ගන්නවා. මට මේ ලිපිය ලියන වෙලාව වෙද්දී මේ ඇප් එක ගැන ලොකු විස්තරයක් හොයා ගන්න අමාරුයි මේ සිදුවීම් වල කාලයන් ගැන.
කොහොමහරි මේක ලියන අතරේ මට හිතුනා මම ඇප්ස් ගැන ආටිකල් සීරීස් එකක් ලියන්න පටන් ගත්තොත් හොදයි කියලා. අපිට එතකොට අළුත් ඇප්ස් ගැන හොද නරක කතා කරන්න පුළුවන්. ඔයාලට මේ ගැන අදහස් තියනවා නම් කමෙන්ට් එකක් දාන්න. හෙට උදෙන් නැගිටින්නත් ඕන නිසා මම යනවා නිදාගන්න. එහෙනම් ජය වේවා.
thrimaz, tech, apps, zedge, sinhala, story

 

Comments