Iphone SE2

 

හෛ ප්‍රෙන්ස්. Oneplus 8 වෛබ් එකේ කිමිදිලා ඉන්නකොට Lewis Gorgeගෙ ට්වීට් එකකින් තමයි අළුත් අයිෆෝන් එකක් රිලීස් වෙනවා කියලා දැනගත්තේ. ඉතිං ලයිව් ඉවෙන්ට් එක බලන්න සෙට් උනා විතරයි නොවැලැක්විය හැකි හේතුවක් ඇවිත් මට ඒක බලන්න තිබ්බ එක නැති කරා. පස්සෙ ඉතිං සනුක මල්ලිගෙ SLRevTV එකේ වීඩියෝ එකක් දකිනකං මතක් උනේ නෑ මෙහෙම මගුලක් රිලීස් උනා කියලා. ඒ වීඩියෝ එකත් බලලා මම තව ආටිකල් දෙක තුනකුත් කියෙව්වා. දැන් මම ටිම් කුක්ගේ පුතා වගේ මේක ගැන රිවීව් එකක් දෙන්න යන්නේ.
Apple Inc.ලා 2017 සැප්තැම්බර් වලදි iPhone X එක රිලීස් කර වෙලාවෙ මම හිතුවේ iPhone 8 එකෙන් පස්සෙ ආයෙ පරන iPhone එක්ස්පීරියන්ස් එක ගන්න ඩිවයිස් එකක් එන එකක් නෑ කියලා. කෝම හරි 2020 මාර්තු වල iPhone 9 එනවා කියලා ආරංචියක් ගියත් නෝමලි Appleලා iPhone එකක් රිලීස් කරන්නේ සැප්තැම්බර් වල නිසා ගොඩක් ෆෝරම් වල මේ ගැන කතා වෙලා තිබ්බේ මේ එන්නේ iPhone 9 එක නෙවී iPhone SE2 එක කියලා. ඉතිං කෝම හරි අප්‍රේල් පහලව Announce කරා iPhone SE එක මේ මාසෙ ඇතුලත රිලීස් වෙනවා කියලා. බොහෝ විට 24වෙනිදා වෙද්දී රිලීස් වෙයි.
සෝ ඉතිං, අපි ෆෝන් එක ගැන කතා කරනකොට අපිට බලාගන්න පුළුවන් ප්‍රධානතම දේ තමයි මිල. The verge එකේ මේක දාලා තිබ්​බේ “The new iPhone se is a shockingly good value” කියලා. මේ ෆෝන් එකේ ආරම්භක මිල සදහන් වෙන්නේ $399කට. මේ මිල වෙනස් වෙන්නේ මතක ධාරිතාවත් (Memory Capacity) එකත් එක්ක. 64GB, 128GB සහ 256GB විදියට මතක ධරිතාව අනුව මේකෙ වර්ග තුනක් තියනවා. මෙහි වර්ණයන් අනුව ගත්තොත් Black White සහ (Product) RED විදියට මේකෙ වර්ණ තුනක් අපිට බලාගන්න පුළුවන්. මේ ෆෝන් එකේ පෙනුම ගැන කතා කරද්දී අපිට කතා නොකරම බැරි දේ තමයි මේකෙ ඩිසයින් එක. මේකෙ ඩිසයින් එක තනිකරම iPhone 8 එකට සමානයි. පොඩි වෙනසකට තියෙන්නේ ලොගෝ එක පොඩ්ඩක් පහලට ඇ​විල්ලා තියන එක විතරයි. ඇළුමිනියම් ෆ්‍රේම් එකක් මත ඉදිරිපස හා පසුපස දෙකම වීදුරු වලින් නිමවී තිබෙනවා. මෙහි අපට හුරු පුරුදු Touch ID එක බලාගන්නත් පුළුවන්. මේ සතුව අඟල් හතර​යි දශම හතක Retina IPS LCD capacitive තිරයක් තියනවා.
අපි මේ ෆෝන් එකේ Specs ගැන කතා කරොත් මේක iPhone 11 එකෙන් ප්‍රධාන ලෙස වෙනස් වෙන්නේ රැම් එකෙන් හා කැමරාවෙන්. ඒ කියන්නේ iPhone SE2 එක සතුව 12MP අගයක් සහිත තනි කැමරවකුත් 3GB රැම් ධාරිතාවකුත් තියනවා. ඒ වගේම iPhone SE2 දුරකථනයේ ඉදිරිපස කැමරාව 7MP අගයක් ගන්නවා. මෙම කැමරාව සතුව 4K විභේදනයෙන් 60FPS දක්වා විඩියෝ කිරීමේ හැකියාව තියනවා.
මේකෙ Chipset එක ගැන කියනවා නම් Apple A13 Bionic Chipset එකක් මේ සතුයි. මීට අමතරව මෙම දුරකථනය සතුව Haptic touch, IP67 dust/water resistant (up to 1m for 30 mins), True-tone, Stereo audio recording, Augmented Reality, Audio Sharing යනාදී පහසුකම් අන්තර්ගත වෙලා තියනවා. මෙහි ප්‍රධානම අංගයක් ලෙස Face ID වෙනුවට නැවතත් Touch ID එක එක් වී තිබීම දැකගත හැකියි. තවද මෙහි ද්විත්ව සිම් ක්‍රියාකාරීත්වයෙන් වැඩ කරන්න පුළුවන් නිසා ඔයාට කාර්ය්‍යාලීය කටයුතුත් පෞද්ගලික කටයුතු මනාව පෙලගස්වා ගන්න පුළුවන් වෙනවා. මේ ෆෝන් එකේ බැටරි ආයු කාලය ගැන කතා කරොත් මිනිත්තු තිහක් ඇතුලත 50%ක අගයකට Charge කිරීමේ හැකියාව තියනවා.
ඉතිං මෙච්චර තමයි මට මේ ෆෝන් එක ගැන හොයා ගන්න පුළුවන් උනේ.මේ ෆෝන් එක මිළදී ගන්න අයට දැන් Apple සයිට් එකට ගිහිං Pre Oder කරන්න පුළුවන්. එහෙනම් අපි තවත් මේ ගැන Comment Section එකේ කතා කරමු…
ජය
 
 
Thrimaz, Iphone SE2, Apple, Sinhala, Tech

Comments