කොරෝනාව ඇත්තටම ජෛව අවියක්ද…?

 

ඉස්සෙල්ලා අපි ලස්සන කතාවක් කියවලා ඉමු…

ඔන්න එකෝමත් එක ග්‍රහලෝකෙක චීනෙ කියලා රටක් තිබුනා. මේ රටේ ජනගහනය දෙවෙනි උනේ ඒ ග්‍රහලෝකෙම තිබුනු දකුණු රට කියන රටට විතරයි. මේ චීන රටට එයාලගෙ ජනගහනය ගොඩක් ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බා. විශ්‍රාමිකයන් නඩත්තු කරන එක එයාළගෙ රටට ලොකු බරක් උනා. ඒ අතර ඒ ග්‍රහලෝකෙ බලවතා උනු ඇමරිකාව පහු කරන එකත් මේ චීන රටට කාලෙක ඉදලා කරන්න ඕන වෙලා තිබ්බ දෙයක්. මෙයාලගෙ මේ ප්‍රශ්ණෙට උත්තරයක් හොයාගෙන ඒ රටේ පාළකයෝ දකුණු රටේ බෙන්තර මායිමේ පාලනය ගෙන ගිය පී.රාජිත රජතුමා ගාවට ආවා. ඉතිං ඒ රජතුමා මේ ප්‍රශ්නේ “ඕක අපේ පොඩි එකාටත් විසදන්න පුළුවන්” කියලා එහේ යුව රජතුමා උනු චතුර කුමාරයාව චීනෙ පාලකයොත් එක්ක චීනෙට යැව්වා. චීනේ පාලකයෝ එයාලගෙ ප්‍රශ්නේ කුමාරයට කිව්වාම, කුමාරයා ඒ රටේ හිටපු “ කැඩිච්ච ප්ලාස්ටික් පුටු වලට දෙනවා අළුත් බේසම්…” කිය කිය ඇවිදින සෙට් එකක් ගෙන්නවලා, බබබ... කියලා මොනාද අමුතු භාශාවකින් මන්තරයක් මතුරලා එයාලට කිස් එකක් දීලා වුහාන් කියන නගරයට පිටත් කරා. ඉතිං වුහාන් වලට ගිය මේ පිරිස එහෙත් හැම ගෙදරකටම ගිහින් පරණ යකඩ එකතු කරන්න පටන්ගත්තා. අර කුමාරයගෙ කිස් එකෙන් වෛරසය ආසාදනය වෙච්ච මේ අය වුහාන් නගරය පුරාවටම වෛරසය පැතිරෙව්වා. මේ අතරේ කුමාරයා බීජීන් වල “ශැන්ග්‍රිලා by රාජපක්ශ” හොටෙල් එකට වෙලා චීනය ලෝක බලවතා කිරීමේ මෙහෙයුම දියත් කරමින් සිටියා. කුමාරයාගෙ මෙහෙයුම උනේ මේ වෛරසයෙන් චීනය අසරණ වෙනවා වගේ පෙන්නන්න. ඇත්තටම චීනෙ අසරණ වෙන්න පටන් ගත්තම කුමාරයා දක්ශිණ සංවර්ධන අදිකාරියට කන්ට්‍රෑක්ට් එක දීලා දවස් හතෙන් ලොකු හොස්පිට්ල් එකක් හදවලා රෝගීන් සේරටම එළියන්ත වයිට් නිවසින් එන “පස්යාලේ පාවට්ටා තල් සූකිරි කැස්ස පැණිය” බොන්න දුන්නා. එයාල ගොඩ දෙනෙක් ඒක බීල මියගියා. මේ සිදුවීම් නිසා චීනයේ තිබුනු බටහිර කර්මාන්තශාලා වල කොටස් මිල හොදටම පහත වැටුනා. එතකොට චීන රජය කරේ ඇලෝසියස් ඉන්කෝපරේශන් එකෙන් ණයක් අරගෙන ඒ සමාගම්වල කොටස් මිලදීගත්ත එක.සතියක් වගේ ඇතුලත මේ සිදුවීම් උනා. කුමාරයත් ලෙඩ්ඩුන්ව සනීප කරලා ආයෙ තමන්ගේ මවු රටට ආවා. ඒත් අර යකඩ ගන්න අයියලා සෙට් එක ඉතාලිය එංගලන්තය ඇමරිකාව වගේ රටවල් වලට සංක්‍රමණය වෙලා මේ වෛරස් එක බෝ කරන්න ගත්තා. ඔන්න එතකොට තමයි චීනෙ චතුර කුමාරයගේ සහය නැතිවම එයාලගෙ මෙහෙයුමේ දෙවෙනු අදියර පටන්ගත්තේ. චීනේ පාලක්‍යෝ ටික මේ ලෙඩේ මුළු ලෝකෙ පුරාම යැව්වා. ඒත් එයාලගෙ සහෝදර කොමියුනිස්ට් බල කදවුරු වුනු උතුරු කොරියාව රුසියාව වගේ රටවල් වලට එයාලා “පස්‍යාලේ පාවට්ටා තල්සූකිරි කැස්ස පැණිය” යවලා එහේ හිටිය ලෙඩ්ඩු ටිකත් සනීප කරා. දැන් ලෝකෙ පුරාම ලෙඩේ පැතිරිලා...

කොරෝනා එහෙමත් නැතිනම් කොවිඩ් 19 ගැන නොදන්න කෙනෙක් නම් මේ වෙනකොට ඉන්න විදියක් නෑ. ඉන්නවා නම් ඒ ඉතිං වර්තමාන ලෝකෙත් එක්ක සන්නිවේදනයක් නැති වනගතව හෝ දූපත්වාසීව ඉන්න කෙනෙක් වෙන්න ඕන. ඉතිං මේ කොරෝනා ගැන තමයි මම අද කතාකරන්නේ...

මම මේ ලිපිය ලියන වෙලාව වෙනකොට ගෝලීය වශයෙන් රෝගීන් ලක්ශ අටක​ට ආසන්නවත්, රෝගයෙන් සම්පූර්ණ සුවය ලැබුවන් ලක්ශ දෙකක​ට ආසන්නවත් මරණ විසි හතලිස් දාහසකට ආසන්නවත් වාර්තා වෙනවා. ඉතිං මේ වෛරස් එක ගැන අපේ ගීක් යාළුවො කතා වෙන ප්‍රධාන මාතෘකාවක් තමයි මේක බයලොජිකල් වෙපන් එකක්ද කියන එක. බයලොජිකල් වෙපන් කතාව පැත්තකින් තියමු. අපි පොඩි කාලෙ කතන්දර අහන්න ගොඩක් ආසයි. කතාන්දර වලින් අපේ පුංචි ඔළුවල චිත්ත රූප මැවෙනවා. අපි ආස දේ එක එක විදියට ඔළුවෙ මවා ගන්න අපි ගොඩක් දක්ශයි. ​මේ ඉමැජිනේශන් සිද්ධිය ගැන මම කලින් #සෙක්ස්පීරියන්ස් පෝස්ට් එකක කියලා ඇති. ඉතිං දැන් කොරෝනා කේස් එකට මේක සම්බන්ධ වෙන්නේ කොහොමද…? ඔයාල “ඇත්ත තිත්තයි” කියන එක ගොඩක් අහලා තිබුනාට ඒ ගැන පොඩ්ඩක්වත් හිතලා තිබුනේ නෑ නේද…? ඒක සීයට සීයක් හරි කතාවක්. ඇත්ත පට්ට බෝරින්ග්. ඒ බෝරින්ග් ගතිය නැති කර ගන්න අපේ අය කතාව ලස්සන කරනවා. මම මුලින් අර වගේ කතාවක් ලියන්න හේතුවත් ඒකමයි. ලස්සන කතාවකට හොද ඉල්ලුමක් තියනවා. ප්ලොට් එක හොද වෙන තරමට ස්ක්‍රිප්ට් එක කරගන්න ලේසියි. මේ සිදුවීම් එක්ක පරිසර දූශණය අඩුවෙලා ඉතාලියට ඩොල්ෆින්ලා ඇවිත්, ඉන්දියාවෙ අලියෝ නටන්න පටන් අරගෙන වගේ පෝස්ට් ගොඩක් ශෙයා වෙනවා දැක්කා. ඒ වගේ දෙයක් දැක්කාම අපේ ඇතුලෙ තියන ෆැන්ටසිය අවදි වෙනවා. ඒ ෆැන්ටසිය රියලිටියට වඩා කොච්චර ලොකුද කිව්වොත් තමන් වගකිවයුතු පුද්ගලයෙක් කියන එකත් අමතක වෙලා ඒ වගේ දේවල් ශෙයා කරනවා. ඉතිං කලබලේට මම මේක ලියන්න ගත්තේ බහුතරයක් අපේ දූපත්වාසීන්ගෙ ආත්මශක්තිය ප්‍රතිශක්තියට වඩා වැඩියි, සෝ අපි මේ වෛරස් වලට බය නෑ කියලා පෝස්ට් දාල තියනවා දැකපු නිසා. අම්මගෙ රෙද්ද. මේ යන ලයින් එකට ලංකාවටත් ශොට් එක ලැබෙනවා. අපි දන්න් කාලෙක ඉදලා ලංකාව කියන්නේ තුන්වෙනි ලෝකෙ දියුණුවෙමින් පවතින රටක්. ඒකත් භෞතික සංවර්ධනයක්. මානසිකව ගත්තොත් රෙදි ඉල්ලෛ. මේ කාලෙ පරිස්සම් වෙලා ගෙදරට වෙලා නොහිටියොත් ගෙවල් අතෑරලා යන්න වෙන්නේ. සෝ ප්ලීස් ගෙවල් වලට වෙලා ඉන්න. පොතක් කියවලා. ෆිල්ම් එකක් බලලා. අළුත් මොනවා හරි දෙයක් කරන්න බලන්න. නැත්තම් අර වැල සයිට් ෆ්‍රී දෙන එකේ ඒව හරි බලන්න. මගේ ඉන්න ඉත්තෑවට මගෙන් රටට වෙන්න ඕන දෙයක් කියලා මම නම් ෆේස්බුක් පේජ් කෑල්ලකුයි ගෲප් එකකුයි අටවගෙන ගේමක් ගහන්න ගත්තා. කියන්න සතුටුයි අද වෙද්දි මගේ යාළුවෙක්ට පින් සිද්ධවෙන්න ඒකට ඇප් එකකුත් ලිංක් කරලා තියනවා. තමන්ගෙන් වෙන්න පුළුවන් උපරිම දේ මේ වෙලාවෙ කරන්න. ජය.

 #Thrimaz

Thrimaz, Corona, Sinhala, Story,

 

Comments