චීන කොරටුව

දවල්ට කාල මම ඔෆිස් එකට ආවා. කවුරුත් දවල් කෑමට එළීයට ගිහින් නිසා මම පුටුවේ ඉදන් මේසෙට කකුල් දෙක තියාගෙන ඔරලෝසුව දිහා බලාගෙන හිටියා. ෆක්. ඔරලෝසුව එන්න එන්න ලොකු වෙනවා. දැන් රූම් එකෙන් බාගයක්ම වැහෙන්න ඔරලෝසුව විසාලයි. මොකක්ද මේ වෙන්න යන්නේ... තප්පර කට්ටයි පැය කට්ටයි වීදුරුව කඩාගෙන එළීයට ඇවිත් මාව ඇතුළට ඇදගත්තා. මාව එක පාරටම දැතිරෝද අස්සෙන් ඇදිලා ගියේ කළුම කළු පාට ගුළියක් ඇතුළට. ඒක හරහා එක පාරටම මම විසි උනේ පටු අබලන් මගී ගුවන් පාළමකට. පාළම සෑහෙන්න හුරු පුරුදුයි. හරිම ජනාකීර්ණයි. හැම මනුස්සයම විඩාබර මූනෙන් ඉන්නේ. මම සාක්කුවට අතදාල හෙව්වේ ෆෝන් එක. ඒක ඔෆිස් එකේ මේස උඩ කියලා මතක් උනා. මම වෙලාව බලන්න අත දිහා බැළුවාම දැක්කේ අතේ වොච් එකත් නෑ කියලා. මම හෙමිහිට නැගිට්ටා. අඩේ... මම ඉන්නේ කොටුව ස්ටේශන් එක ගාව ගුවන් පාලම උඩ. මම කෙළින්ම බැළුවෙ නෙළුම් කුළුණ දිහා. නෙළුම් කුළුණ ගරා වැටිලා. නගරේම ජරා ජීර්ණ වෙලා. මම හෙමිහිට පාලමෙන් ස්ටේශන් එක පැත්තට බැස්සා. මම ගියේ ස්ටේශන් එක ඉස්සරහා බස් හෝල්ට් එකට. අසරණ වෙලා මම එතන තිබ්බ සීට් එකක වාඩි උනා. ඒ එක්කම චයිනීස් චොන්ග්සම් එකක් ඇදගත්ත ලාංකික කාන්තාවක් ඇවිත් වාඩි උනා මගේ ගාවින්. එයා කළබලයක් නැති සෑහෙන්න ලොකු පෞර්ශ්යමත් පෙනුමක් තිබ්බ කෙනෙක්. මම එයාගෙන් මිතුරු ලීලාවකින් අද කවද්ද කියලා ඇහුවේ ඇත්තටම අද දිනේ දැන ගන්න ඕන නිසා. “ ඔයා මෙහේ කෙනෙක් නෙවී වගේ…?” එයා මගෙන් පෙරලා ප්රශ්ණ කරා. මම හිනා වෙලා “ නෑ මම මෙහේ තමයි. මම WTC එකේ මල් FM චැනල් එකේ වැඩ කරන්නේ.” කියලා මාත් උත්තර දුන්නා. “බොරු කියන්න එපා බ්රෝ, ඔයා හිතුවේ මම චීනෙක් කියලද. ඔය චැනල් එක වැහුවේ අපි පොඩි කාලෙමයි” කියලා එයා කියපු ගමන් මට තේරුණා මම ඉන්නේ අනාගතේ තමයි කියලා. මොකද්ද දැන් මම කරන්නේ. මම හිතාගන්න බැරුව පළවෙනි හරස් පාරට ගියා ඒක පිරෙන්න චීන්නු. මොකද්ද මේ වෙලා තියෙන්නේ. සෙල්ලම් බඩු, ටෙක් ගැජට්. අමුතු ඔරලෝසු කණ්නාඩි ඒ මදිවට රොබෝලත්… මට මේ මොන හුයන්නක්ද කියලා හිතාගන්න බැරුව මම ගෝල් ෆේස් එකට යන්න කියලා ආයෙත් කොටුව පැත්තට ආවා. හිගන්නෙක් මගේ දිහා බලලා ලොක්කා දවල්ට කන්න යුවාන් සීයක් දෙන්නකෝ කිව්වා. අප්පටෛකේ මට කරන්ට් එක වැදුනා වගේ. මම දුවලා දුවලා ගෝල් ෆේස් එකට ආවා. අම්මෝ. එතන ලොකූ පාක් එකක්. ඒකට ඇතුල් වෙන තැනම “ශැන්ෆේස්’ කියලා ලොකූ බෝඩ් එකක්. මම දැන් ෆුල් හොල්මන්. මම එතන හිටිය ස්ට්රීට් ෆුඩ් ස්ටෝල් එකට ඔළුව දැම්මා. සර්පයොයි, ගෝණුස්සොයි, කැරොපොත්තොයි නැති සතෙක් නෑ. අප්පිරියයි. මම හෙමිහිට කැලන්ඩරේ දිහා බැළුවා. 2096 ​සැප්තැම්බර්. මට දැන් අමුතුම සතුටක් තියෙන්නේ. මම ගියා ශැන්ෆේස් එක ඇතුලට චීන්නු පිරිලා. මම දැක්කා ඇතින් චීන කොඩිය ලෙල දෙනවා. මට හිතාගන්න බැරි උනා. එක පාරටම චීන මනුස්සයෙක් හැප්පිලා මම ගැස්සිලා වැටුනා. “කකුල් දෙකත් කරේ තියන් නිදි නේ. මෙන්න මේකෙ රිවිශන් එකක් දෙන්න ඉක්මනට ” කියලා ලොක්කා හිනා වෙවී මගේ ඉස්සරහා. " අන්න අද දවසට පස්වෙනි කොරෝනා ලෙඩත් හොයාගෙනලු ත්රිකුණාමලෙන්…” මොනවා…! ත්රිකුණාමලෙන්... 😳

#Thrimaz


 

Comments