420 කොල්ලෙක්

 

අද 420. ම්ම්ම්... Weed Day එක. ඉතිං හැපි වීඩ් ඩේ. සෝ ඉතිං ගංජා ලංකාවේ තාමත් නීතිගත නොවුනු දෙයක්. ඉතිං මාත් තාම පුංචි මලක් වගේ දරුවෙක් නිසා ඔය වගේ දේවල් ගැන හරියට දන්නේ නෑ. හැබැයි ලංකාවේ ගංජා වලට ප්‍රසිද්ධම ඉතිං තණමල්විලනේ. මේ දවස් වල තණමල්විල ගොඩක් අය අතර ප්‍රසිද්ධයි. ඒ වෙන මොකක්වත් නිසා නෙවී, රොෂාන් රවීන්ද්රයන්ගේ අධ්‍යක්ෂණයෙන් එළියට ඇවිත් තියන තණමල්විල කොල්ලෙක් නාට්‍යය නිසා. මේ නාට්‍යය මම බලනවා කියලා එපි ටික ඩෞන්ලෝඩ් කරගෙන හිටියට වෙලාවක් තිබ්බෙත් ​නෑ. පස්සෙ අර හැමෝම බනින රෙද්දෙ ෆෑන් ගෲප් එකක් නිසා මම බලන්න පටන්ගත්තා. ඒක සිරාවට හොද කතාවක්.
තණමල්විල කොල්ලෙක් එකේ “Storytelling” වලට මම පට්ට ආසයි. පට්ට ටයිමින් වලට සීන් එක කට් කරනවා. හැබැයි සමහර වෙලාවට සීන් කට් කරද්දී ඇඩ් දාන නිසා අර මියුසික් වයිබ් එක එහෙම යනවා. මියුසික් ගැන කතා කරොත් මියුසික් වල පට්ට “සිත නිවන කතා” වයිබ් එකක් තියෙන්නේ. අර වැවේ මල් කඩන සීන් එකේ එහෙම මියුසික් මරු, හැබැයි එතන මට මතක විදියට එතනත් ඇඩ් එකක් ඇවිත්ද කොහෙද ඒක අවුල් උනා. වයිඩ් ශොට් ටික ගැන නම් ආයෙ කතා කරන්න දෙයක් නෑ. අවස්ථා වලට ගැලපෙන විදියට සෑහෙන්න ට්‍රැකින්ශොට් ටිකකුත් තිබ්බා. අර ගංජා හේනේ ටික නම් මරු. කිතුලා වෙඩි තියන එක දැකලා දුවගෙන ඇවිත් ඒක බලන්න ආයෙ දීප්ත යන කෑල්ල එහෙම ලස්සනට තිබ්බා. ඒක කොහොම ගත්ත ශොට් එකක්ද කියලා මට තේරෙන්නෑ. ​ඩ්‍රෝන් ශොට් එකක් වෙන්න ඕන බොහෝ දුරට. ඒ සීන් එක කට් වෙන්නේ ගංජා හේනේ ඉදලා එළියට දුවන් එන කෑල්ලෙන්. අනිත් සීන් එක පටන් ගන්නේ ගම හරහා දුවන එකෙන්. ඒ ට්‍රාන්සිශන් එකේ පොඩි ආතල් එකක් තියනවා. ඔතන තව සීන් එකක් තියනවා. පතෝලයා බයික් එකේ කොඩියක් ගහගෙන යනවා ගමහරහා දුවන සෙට් එකත් එක්ක. මට තියන ප්‍රශ්නේ ඌට ගෙනියන්න වෙන කොඩියක් තිබ්බෙම නැද්ද කියන එක. එනිවේ ඒක සමූපකාර සමිතියක කොඩියක් වෙන්නත් පුළුවන්. මේකෙ කුණුහරුප ටික තියෙන්න ඕන මම නම් කියන්නෙ. මොකද එතකොට අර ආතල් එක කැඩෙන්නැතුව බලන්න පුළුවන්.
මේකෙ “Actor Blocking” ගැන කතා කරොත් ගොඩක් තැන් පට්ට සමමිතිකයි හෝ ඊට සෑහෙන්න ළඟයි. ජගාගෙ මළගෙදර එහෙම හොදට ඕක බලාගන්න පුළුවන්. එතන මම ලස්සන රැක් ෆෝකස් එකකුත් දැක්කා. ෆ්‍රේම් එක මැදට දීප්ත එන එක. අර යශෝධා අක්කා දීප්තලාගෙ ගෙදරට ආව වෙලාවෙ පොර එළියට එන්නැතුව ඉන්න සීන් එකේ ජනෙල් කූරු අතරින් යශෝධාව ඒ සිටුවේශන් එකට ගැලපෙන්න ලස්සනට ෆ්‍රේම් කරනවා. සමස්තයක් වශයෙන් Cinematography පට්ටම හොදයි. ඔස්මෝ එහෙම ලස්සනට පාවිච්චි වෙලා තියනවා දැක්කා.
සෝ ඉතිං චරිත ගැන කිව්වොත් දීප්තට ඉන්න ධනුක ගැන මගේ ඔළුවේ තිබ්බේ හෙන වැරදි චිත්‍රයක්. මොකද මම එයා දැකලා තිබ්බේ මල් සිංදුවල විතරයි. පොරගේ ඇක්ටින් මරු. දසුන් පතිරණගෙ ඇක්ටින් කොහොමත් හොදයි. පංසල් කොල්ලෙක්ගෙ චරිතෙට පට්ට සාධාරණයක් කරා. යශෝධා විමලධර්මගේ චරිතෙ මම ගොඩක් කැමති චරිතයක්. කොල්ලො බහුතරයක්ගෙ ජීවිත වල සෑහෙන්න ක්ලෝස් වෙන අක්කලා ඉන්නවා එක වෙලාවකදි පොඩ්ඩක් හිරවෙන. දීප්තට ඒක වෙනවා. පතෝලයා කුරා වගේ චරිතත් සෑහෙන්න හොදයි. කිතුලෙගේ හොදම ඇක්ටින් මම දැක්කේ මේකෙ. මම හිතන් හිටියට වඩා පොර මරු. මම කාලෙකට කලින් තිසුම් අයියාගෙ ෆිල්ම් එකක ස්ටිල් ගහනකොට ඒකෙ රගපෑවා. දැන් ඉතිං මට වැඩ්ඩා වගේ කියන්න පුළුවන් තණමල්විල කොල්ලෙක් එකේ නළුවො එක්කත් මම වැඩ කරලා තියනවා ඩෝ කියලා… සෝ ඉතිං මේක තාම ඉවර නෑනේ. ඉවර උනාම මම ෆුල් රිවීව් එකක් දෙන්නම්. රොශාන් රවීන්ද්ර වගේ කළාකාරයොන්ට පින් දෙන්න ඕන මේ වගේ නිර්මාණ දායාද කරනවට… එහෙනම් ජය වේවා… කමෙන්ට් වල දාන්නම් බලන්න වටින ෆොටෝස් ටිකක්...

Comments