සෙක්ස්පීරියන්ස් | එක කොටස

 

A level කරන කාලේ මම යම් තරමක මානසික අවපිඩනයකට ගොදුරු වුනා. අරමුණක් නැතිව ගෙවුන ජීවිත අර්බුදය මට සෑහෙන්න දැනුනා. මට තේරුම්ගන්න අමාරු ආත්ම අභිමානයකින් හා කෝපයකින් මම පැටලිලා හිටියේ. ඒ නිසාමදෝ මගේ තේරීම් ගොඩක් පරාජිත උනා. මේ දේවල් මම කවදාවත් නොලබපු ආදරයක් හොයන්න පෙළඹෙන්න පවා හේතුවක් වුනා. පෙම්වතියක් නොමැතිකම මට සෑහෙන්න දැනුනා. ඒත් මම යථාර්තයට මුහුණ දෙන්න තියන බය නිසා ඒ ගැන වැඩිය හිතන්න ගියේ නෑ. ඉතිං මේ හේතු නිසාම මම, විරුද්ධ ලිංගිකයෙක් මගේ හොදම යාළුවා කරගන්නවා. ඇයට අපි “X” කියල කියමු. විරුද්ද ලිංගිකයෙක් හොදම යාළුවා කරගන්නවා කියන එකෙන් මම ආත්මාර්ථකාමී උනාද කියලත් මට දැන් හිතෙනවා. කෙසේ උනත් මම මගේ හදවතේ තිබුන හිඩැසක් ඇයගෙන් පුරවගත්තා. අපේ යාළුකම මුලින්ම ප්‍රශ්නයක් උනේ මගේ අනෙක් මිතුරන්ට. සමහරවිට මම කුඩා කල සිටම බාලක පාසල් වලම ඉගෙනගත්ත නිසා වෙන්නත් පුළුවන්. ඒ නිසාමද කොහෙද මා ඇතුළු මගේ මිතුරන්ගේ මානසිකත්වය ඒ වෙනකොටත් ගොඩක් ආදරය කියන එකට වඩා ලිංගිකත්වය කියන දේ ගැන හිතන්න පටන් අරන් තිබ්බේ. එත් මගේත් Xගේත් මිතුරුකම ගලාගෙන ගියේ අධ්‍යාපනය කියන මාතෘකාව උඩ. මොකද ඒ වෙනකොට අපි දෙන්නටම ඒ ලෙවල් ගොඩදාගැනීමේ අවශ්‍යතාවක් ලොකුවටම තිබුණා. ඒක නිසාම අපි දෙන්නාට පොදු විෂයන් වලට සෑහෙන්න මහන්සි වුනා. එත් මේක දිහා ගොඩක් අය බැළුවේ වැරදි අන්තයක ඉදන්. ඒක කොච්චර දුරට දරුණු උනාද කිව්වොත් Xට තම පෙම්වතාගෙන් වෙන් වෙන්න පවා සිදුවෙනවා. මේ අවස්ථාවේ මම සැහෙන්න සංකීර්ණ තත්වයකට මුහුණ දෙනවා. “ඒ සම්බන්ධය නවතින්න හේතුව මමද?” කියන ප්‍රශ්නය මගේ හිතේ තියනවා. එත් ඇත්තටම මගේ හිත මේ සිදුවීම සම්බන්ධයෙන් සතුටු වෙනවා. ඒ මොකද Xට දැන් ඇතැම් තීරණ ගන්න ස්වාධීනත්වයක් හිමිවන නිසා. කොටින්ම කිව්වොත් අපි දෙන්නගෙ යාළුකමට බාධකයක් උනු එකම කෙනාත් නිසා මට සතුටු හිතෙනවා. ඒත් මම කොයි මොහොතකවත් ඇයට ඒ බවක් අගවන්න ගියේ නෑ. එහෙම කියලා මම ඇය​ව ෆ්ලර්ට් කරන්න ගියෙත් නෑ. ඒකට හේතුවත් මගේ තියන අනවශ්‍ය ආත්මාභිමාණය වෙන්න ඇති. නමුත් දවසක අපි දෙන්නටම එක බත් එකක් බෙදාගෙන කන්න සිද්ධ වෙනවා. ඒක හෙනම රොමෑන්ටික් මොමන්ට් එකක්. ඒක Xටත් එහෙමම දැනුනා කියලා මට එයාගෙ ඇස් වලින් තේරුනා. එදා අපි සෑහෙන්න දේවල් කතා කරා. මමත් සෑහෙන්න විවෘත වෙලා මගේ ලයිෆ් ගෝල්ස් පවා කිව්වා. ඒව අහපු එයා මට කිව්වේ “ තිළිණ, කවදාවත් ඔයා යාළුවෙන්න හිතං ඉන්න කෙල්ලට නම් මේව කියන්න එපා. එයා ඔයාව දාල යයි” කියලා. එතකොටත් මට තේරිලා තිබ්බේ අපි දෙන්නා ඉන්නෙ එකම ෆැන්ටසියක අන්ත දෙකක කියලා. එදා ඒ උන විවෘත වීම නිසා අපි දෙන්න අපි කවුද කියලා අදුන ගත්තා. අපි ඒලෙවල් වලට මාසයක් විතර තියෙද්දී අපේ සම්බන්දේ අඩු උනා. ආයෙ රිස්ලට් ආවට පස්සෙ එක පාරක් කෝල් කරලා සෑහෙන්න වෙලා කතා කර කර හිටියා. පස්සෙ එයා නම්බර් එකත් මාරු කරලා තිබ්බා. කොහොම හරි තනියම ඉන්න සමහර වෙලාවල් වලට මට මේව මතක් වෙන​වා. මට එතකොට හිනා යන්නෙ ඉබේටමයි. ඉතිං මගේ ජීවිතේ වැරදුන තැන් හරිගිය තැන් මේ විදියට මම ලියලා දාන්න හිතුවේ හැමදාම පර්සනල් ලොග් එකේ තියාගන්න බැරි නිසා...

#Thrimaz

 

Sexpirience, Thrimaz, Sex, Sinhala, Story, Love


Comments