සෙක්ස්පීරියන්ස් | තුන කොටස

 

උඹලා ජීවිතේ එක පාරක් හරි කසාදෙ ගැන හිතලා තියද…? මම දකින විදියට කසාදේ හෙන බෝරින් බං. මෙහෙම එකපාර දමලා ගහන්න වගේ කියන්න හොද නෑ. ඒක අපි ග්‍රැජුවලි ලස්සනට කතා කරමු. ඔයාල වගේම මමත් කසාදෙ කියන එක මුලින්ම දකින්නේ අම්මගේ තාත්තගේ වෙඩින් ෆොටෝ එකෙන් නේ. ඔයා එහෙම නෙවී නම් කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න. මට අයිඩියා එකක් නෑ වෙන ක්‍රමයක් ගැන. සෝ ඉතිං මම වෙඩින් ෆොටෝ එකෙන් පස්සේ එක්තරා විදියකට ඉස්කෝලෙදි ඕක ගැන ඉගෙනගත්තා. මම ප්‍රෛමරි ස්කූල් ගියේ මාතර සෙන්තෝමස් එකට. මට සෙන්තෝමස් එකේදි රට වටෙන් ආව යාළුවො ටිකක් හිටියා. ඉතිං ඉස්කෝලෙ නිවාඩුවට මුන් ගොඩක් දෙනා ගමේ යනවා කියලා සීන් එකක් කරනවා. මට ඕක හෙන ප්‍රශ්නේ. මම ඕක ගැන හොයලා බලද්දී මට මීටර් උනා ඔය ගමේ යන සෙට් එකේ උන්ගේ අම්මා හෝ තාත්තා හෙන ඩොටේක කියලා. මට දැන් ඕක දැනගත්තට පස්සෙ අම්මයි තාත්තයි එක්ක හෙන මළෙන් හිටියේ. මොකද අම්මගෙයි තාත්තගෙයි මහ ගෙවල් අතර කිලෝ මීටරයක්වත් දුර තිබ්බේ නෑ. මොන මගුලකට එක ළඟ ගෙවල් වලින් කසාද බැන්දද කියලා මම හෙන අවුලෙන් දෙන්නත් එක්කම හිටියේ. ඔන්න ඕක තමයි මට කසාදෙ ගැන තියන පළවෙනි අමිහිරි අත්දැකීම.
කෝම හරි ඉතිං අවුරුදු ගානක් ගිහිං මට ඔය කසාද දික්කසාද කියන මළ ඉළව් ටික ගැන හොද අවබෝධයක් ආවා. ඒ ආව අවබෝධේ පට්ට නෙගටිව්. මට ඕක අවුල් වෙන්න පළවෙනි හේතුව උනේ සමහර එක්ස්පීරියන්ස්. කෑල්ලක් නඩත්තු කරන අමාරුව මට තදේට දැනිලා තිබ්බා. කෙල්ලෙක් ඉන්නවා කියන්නේ වගකීමක් නේ. මම වගකීම් පැහැර හරින්න පුරුදුවෙලා තිබ්බ කෙනෙක්. මම ජීවත් වෙන ෆැන්ටසියෙ ජීවත් වෙන්න පුළුවන් කෙල්ලෙක් මේ අවුරුදු ගානටම මට සෙට් වෙලත් නෑ…
මට මගේම කියලා සහෝදරසහෝදරියෝ එකෙක්වත් නෑ. මම පවුලේ එකම එකා. මට මගේ අම්මා තාත්තා නෑදෑයො එක්ක පට්ට බැදීමක් තිබ්බා. පස්සෙ මගේ ජීවන රටාවේ වෙනස්වීම් නිසා සමහර බැදීම් ඈත් උනා. මොනා වෙනස් උනත් මට අම්මා එක්ක තිබුන බැදීම අතාරින්න සෑහෙන්න අමාරුයි. එහෙම බැදීම් අතෑරගන්න අමාරුවෙන් ඉන්න කොට තවත් බැදීමක් ජීවිතේට එනවා කියන්නේ දුක් වෙන්න තියන හේතු වැඩි වෙන එකනේ…
ඔයා හැමදාම කන්නේ බත් නම් ඔයා ඉදලා හිටලා හරි වෙන කෑමක් ට්‍රයි කරන්නෙ නැද්ද…? එකම රටාවකට හුරු වෙන්න පුළුවන්ද…? සමහර අයට ඒකත් දැවෙන ප්‍රශ්ණයක්. සෝ ඉතිං කොහොම හරි ඔය කේස් වලින් මගේ පුංචි හිත පිරිලා ගිහින් තිබ්බේ…
මට කවදාවත් මගේ යාළුවො එක්ක ඇරෙන්න වයසින් වැඩි හිටියන් එක්ක මේ මාතෘකාව කතා කරන්න ලැබෙන්නේ නෑ. මොකද ගොඩක් වෙලාවට මට අහන්න ලැබෙන්නේ "උඹට කසාදෙ ගැන කතා කරන්න මොන වයසක්ද…?" කියලා. ඒත් අපි විවාහය ගැන කතා කරන්න ඕන මේ කාලෙදි නේද…? අපි ඇත්තටම ලෞ කරන්න කලින් විවාහය ගැන අවබෝදයක් තියාගන්න ඕන නේද…?
මට මේ මගුල් ගැන ලියනවා කියලා කිව්වාම Mahela අයියා මට පොතක පිටු ටිකක් එවනවා බලපං කියලා. ඔය පොතේ නම "විවාහය හා දික්කසාදය". ඕකෙ එක තැනක කියවෙනවා පුරාණ පඩිවරුන්ට අනුව විවාහය කියන එකේ තේරුම මෙන්න මෙහෙම… වි - විශ්වාසය , වා - වාසනාව , හා- හාදකම , ය - යහපත. මට තියන ප්‍රශ්නෙ ඔය ටික වෙනුවෙන් ගෑනියෙක් හෝ මිනිහෙක් ඇයි මෙහෙම කැපවීමක් කරන්නේ කියන එක.
ඉතිං පුංචි මට වෙනදා වගේ ලොකුවට ලියන්න පුළුවන් මාතෘකාවක් නෙවෙයි මේක. නොදන්න මගුල් ලියන්න ගිහිල්ල හොදට පෞල් ජීවිත ගත කරන උන්ගෙන් බැනුම් අහගන්න බැරි නිසා මම තව ලියන්නේ නෑ. අපි මේක ගැන කමෙට් වල කතා කරමු. එහෙනම් ජය වේවා…
Thrimaz, Sexperience, Sex, Love, Sinhala, Story
Add caption


 

Comments