කතාන්දර ඔස්සේ කතාන්දර ගොඩනැගීම

 Story කියනකොටම ඉස්සර අපේ මතකෙට එන්නේ කතාන්දර. ඒත් දැන් story කියපු ගමන් මතක් වෙන්නේ social media වල තියන story option එක. මොකද්ද මේ story කියන්නෙ...? මම අද මේ article එකෙන් කියන්න යන්නෙ stories ආරම්භය, ව්‍යාප්තිය හා කොහොමද සමාජයේ භාවිතා වෙන්නේ කියන එක ගැන.
Stories වල ඉතිහාසය ගැන් කතා කරොත් අපිට 2011ට යන්න වෙනවා. මුලින්ම මේ story කියන කන්සෙප්ට් එක සමාජ ජාලා වලට එන්නේ Snapchat ඇප් එක හරහා. 2011දි ඇරඹෙන Snapchat, 2013දී story option එක මේ app එකට ඇතුලත් කරනු ලබනවා. පැය විසිහතරක් ඇතුලත මැකීයන රූපරාමු සහිත මෙම අපූරු තාක්ශණය නිසාම 2013දී ඇමරිකානු ඩොලර් බිලියන 3කට Snapchat සමාගම මිලදීගැනීමට facebook සමාගම ඉදිරිපත් වූවත් එය ප්‍රතික්ශේප වෙනවා. නමුත් මේ වන විට Snap Inc. හි වටිනාකම ඩොලර් බිලියන 24ක් ඉක්මවනවා. මිලදී ගැනීම අසාර්ථක වූ නිසා 2010 දී facebook විසින් මිලදී ගත්ත Instagram app එකට ඔවුන් 2016 අගෝස්තු මසදී story option එක ඇතුලත් කරනවා. ඔවුන් එහිදී වඩාත් ඉස්මතු කරන්නේ ඔබේ මුලු දවසම මිතුරන් හා බෙදාගන්න යන්නයි. එසේ ආරම්භ වූ Instagram story 2017 වසරේ ඔක්තෝබර් වන විට දෛනික story පරිශීලකයින් සංඛ්‍යාව මිලියන 300 ඉක්මවනවා. ඒ වන විට දෛනික Snapchat පරිශීලකයින් ප්‍රමාණය මිලියන 178ක්. මේ අතරතුර එනම් 2017 පෙබරවාරි මාසයේ facebook සමාගම සතුව තිබූ WhatsApp යෙදුම සදහාද ඔවුන් story පහසුකම ලබා දෙනවා. එය කෙතරම් ජනප්‍රිය වූවාද නම් 2017 ඔක්තෝම්බර් මස වන විට එය Instagram හා සමානවම එනම් මිලියන 300කට අධික දෛනික story පරිශීලකයන් ප්‍රමානයක් ලබා ගනිමින් Snapchat පසු කර යාමට සමත් වනවා. Story වල ජනප්‍රියත්වය වැඩි වීමත් සමගම 2017 මාර්තු මස සිට Instagram හා WhatsAppමවු සමාගම වන facebook ආයතනයද Messenger හා Facebook යන යෙදුම් ඔස්සේ story පහසුකම ලබා දීමට තීරණය කරනවා. වර්තමානයේදී IMO, Skype, YouTube වැනි යෙදුම් වල මේ පහසුකම ඇතුලත් වුවත් ඒවායේ භාවිතය ඉතාමත් අඩු මට්ටමක පවතිනවා. ඒ හේතුවෙන් 2018 අගෝස්තු මස Skype මගින් ලබාදුන් story පහසුකම වන Skype Highlights නවතා දමනවා. කෙසේ නමුත් වර්තමානයේදී දිනකට යාවත්කාලින වන Snapchat, WhatsApp, හා Instagram යන යෙදුම් තුනේම story පරිශීලකයින් මිලියන 450 ඉක්මවනවා.

 
මේ story වලින් ඇත්තටම අපිට වැඩක් තියද කියලා දැන් ඔයාට හිතෙන්න පුළුවන්. මම පෞද්ගලිකව story option එක ගොඩක් භාවිතා කරන කෙනෙක්. අපි එදිනෙදා යෙදෙන වැඩ පිලිබදව මිතුරන් දැනුවත් කරන්න, තමාගේ සන්නාම ආදිය මිනිසුන් අතරට යවන්න, තමන්ට දැනෙන අදහස් ලියන්න වගේ දේවල් වලට story use කරන්න පුළුවන්. Story එකකින් කතන්දර කියන එක ගැන ගොඩක් අය නොදන්නා දෙයක්. ඔයා “storytelling” විෂයක් විදියට ඉගෙන ගත්ත කෙනෙක් නම් මම මේ කියන්න යනදේ දැනටමත් ඔයාට තේරෙනවා ඇති. හිතන්න ඔයාට ඔයාගේ Exට රිද්දන්න ඕන කියලා. ඒකට ඔයාට කරන්න තියෙන්නේ ඔයා එයාගේ හිත රිදෙන දෙයක් එයාට විතරක් පේන විදියට story දාන එක විතරයි. ඔයාට මේ ගැන තව හිතුවොත් තවත් ගොඩක් උදාහරණ හොයාගන්න පුළුවන් වෙයි. ඒ වගේ දේවල් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා...

#Thrimaz

Thrimaz, Story, Sinhala, Katha, Status


 

Comments