සෙක්ස්පීරියන්ස් | දෙක කොටස

 

“පාඩම් කරන මුකුත් මතක තියාගන්න බෑ හලෝ…” කියන මාතෘකාවත් එක්ක තමයි මම එදා මාතරින් සාගරිකාට ගොඩවුනේ. පහුවෙනිදා කෙල්ලගෙ එක්සෑම්. ඕක කෙළව ගත්තොත් ඒකටත් හේතුව විදියට මගේ කෝල් ලොග් එක පෙන්නන නිසා මම මේකිට පාඩම් කරන්න උපදෙස් දෙන්න පටන්ගත්තා. සුපුරුදු විදියටම උපදෙස් දෙන එක මැදට සචිනිගෙ පාටියයි, ශෙහානි ඇදන් ආව ගවුමයි, ෆෝටෝ ගන්න ආව මල්ලි ගැනයි කියලා පාඩම් කරන එක ගැන කෝල් එක පැයකින් විතර ඉවර උනා.
මගේ කෝල් එක මීටරෙන් හිටපු මගේ එහා පැත්තෙ ඩයල් එක කින්ඩියට වගේ හිනා වෙලා මල්ලි කොළඹ යන්නද කියලා ඇහුවේ ගාල්ලට කිට්ටු කරද්දි. අහපු විදියෙන්ම තේරුනා මගේ ෆෝන් එකේ චාජ් එක ඉතුරු වෙන්න යන්නෙ කියලා. ගාල්ලෙන් පොරටත් එක්ක නෙස්කැෆේ එකක් ගෙනාපු මම දිග කතාවකට සෙට් උනා. ( #funfact - ලෝකේ කොහේ නෙස්කැෆේ එක එක ගණන් වලට විකිණුනත් ගාල්ල ස්ටේශමේ රුපියල් 40යි.) තාප්ප වල චිත්‍ර අදින එකයි වර්තමානෙ තරුණයින්ගේ වගකීම් ගැනයි කතා කර කර ඉදලා මූ එක පාරටම ඇහුවානේ “මල්ලි කෙල්ලට පාඩම් කරන හැටි කියලා දීපු එක පට්ට ෆේල්නෙ…” කියලා. මමත් හිනා වෙලා පොරගෙන් ඒ මොකද කියලා ඇහුවා. “දෙයක් කෙනෙක්ට මතක තියෙන්නෙ විශුවල්ස් වලින්. ලිය ලිය පාඩම් කරන “Pyramid Learning” කන්සෙප්ට් එක පට්ට පරණයි.” පොර ඒ වාක්‍යය ඉවර කරේ උඹ දිග කතාවක් අහන්න ලෑස්තිද වගේ ලයින් එකකින්. මාත් ඒක දිගටම ගෙනියන්න ඕන නිසා මට තේරුණේ නැති බව අගවන්න “ඒ කිව්වේ” කියලා ඇහුවා. “ දැන් අපි කියමු උඹ හැමදාම උදේ​ට බර්ගර් එකක් කනවා. අවුරුදු ගානක් ඒක එකම තැනකින් පුරුද්දක් විදියට කනවා. දවසක් ඒ බර්ගර් එකක තඩි පණුවෙක් ඉන්නවා, ඇයි උඹ මූන අප්සට් ගියේ. උඹේ ඔළුවේ මැවුනා නේද මම කියපු දේ චිත්‍රේ. හරි ඒක එකක්, එතකොට උඹට අවුරුදු ගානක් කාපු බර්ගර්ස් වෙන වෙනම මතක නෑ ඒත් අර පණුවා හිටිය බර්ගර් එක හොදට මතකයි. එහෙම එකක් තමයි අපි ඔළුවට අළුතෙන් දෙයක් ඇඩ් කරගන්න ඕන. අපි දෙයක් ඉගෙනගනිද්දී ඒ මුල් වතාවෙම මොලේ රවට්ට ගත්තොත් උඹට පුළුවන් දිගටම ඒක කන්ටිනියු කරන්න.” “වේට්, මට එතන තේරුනේ නෑ, කොහොමද මොළේ රවට්ටන්නේ…? , මම දැන් සීරියස් වෙලා ඉන්නේ. “උඹ මාස්ටබේට් කරනව නේ…?, එතකොට උඹගෙ ඔළුවෙ ඉන්න කෙල්​ල එක්ක උඹ ඔළුවෙන් මොනා හරි හිතාගන්නවානේ. එතන උඹේ ඉමැජිනේශන් එකක් තියනවානේ. ඒක ට්‍රික් එක තමයි උඹ ඉගෙනගන්න කොටත් යූස් කරන්න ඕන. උඹ ඒ හිතින් මවාගන්න දේ තමයි මොළේ ඇත්තක් කියලා හිතාගෙන උඹෙන් මයෝනයිස් ශ්‍රාවය කරන්නේ…” මට පොඩි හිනාවක් ගියා. “දැක්කනේ මම මයෝනයිස් කියපු එක උඹ මොලේට දාගත්තේ කන්වර්ට් කරලා. අවුට් එක හිනාව. මට හිනාවෙන් තේරෙනවා උඹ ඒක තේරුම් ගත්තා කියලා.” “ක්‍යා භාත් හේ බායි…” මම පොරගෙ ටෝක් වලට හෙනට ෆෝම් වෙලා ඉන්නේ…
බෙයා ඇපීල් ටීශර්ට් එකයි ලිවයිස් ඩෙනිමයි නයිකි පෙයා එකයි දාගත්ත මේ පොර කවුද…? පොර ලෙක්ච කෙනෙක්. ප්‍රයිවට් කැම්පස් එකක ක්‍රියේටිව් තින්කින් උගන්නන්නේ. මොරටුවෙ ඩිග්‍රියක් තියෙන්නේ. “මල්ලි ගාල්ලෙ මගේ ඉන්ග්ලිශ් ක්ලාස් එකක් තියනවා. මම උඹට ඒ පේජ් එක එවන්නම්. ඒකෙ පොඩි උන්ගෙ ඉදලා ඒලෙවල් වෙනකන් ක්ලාස් කරනවා. මම ඔය ටෙක්නික් එක ලස්සනට පොඩි උන්ට පාවිච්චි කරනවා. මම වැඩ කරන්නේ ලැන්ග්වේජ් එකක් කොහොමද සතියක් ඇතුලත ඉගෙනගන්නේ කියන සීන් එක ගැන.” “අඩේ පට්ටනේ…”

ඔන්න ඔහොමයි මම මම මේ ටෙක්නික් ටික ගැන හොයන්න පටන්ගත්තේ. උඹ දෙයක් ඉගෙනගන්නව නම් ඒක කැමැත්තෙන් කරනවා නම් ඒ ඉගෙනගන්න දේ ගැන ලොකු පුකේ අමාරුවක් තියනවා නම් උඹ කොහොම හරි ඒක ගොඩ දාගන්නවා. ඒත් ඒකට අමතර ගේමක් ගහන්න මේ වගේ ටෙක්නික් යූස් කරන එක ගැන මම දැනගත්තේ ඒලෙවලුත් ඉවර වෙලා කාලයක් ගියාට පස්සෙ. මම ඔය සිදුවීමෙන් පස්සෙ දෙයක් කොහොමද මතකය ක්‍රියා කරන්නෙ කියලා තියන ආටිකල් සෑහෙන්න කියෙව්වා. “Learning Pyramid” ටෙක්නික් එකට තමයි ගොඩක් අය වහල් වෙලා ඉන්නේ. ඒත් දෙයක් ඉගෙනගනිද්දී, ඉගනගන්න දේ විතරක් නැතුව ඉගෙනගන්නවා කියන දේ ගැනත් අධ්‍යයනයක් කරනවා නම් අපිට අපි ඉගෙනුම් ක්‍රියාවලිය තවත් කාර්ය්‍යක්ශම කරගන්න පුළුවන්. මාස කීපයකට කලින් උනු සිදුවීමකින් ඉගෙනගත්ත දෙයක් මම අද වෙද්දි සාර්ථකව අත්විදිනවා. මේකත් මම පර්සනල් ලොග් එකේ තියාගෙන ඉදලා පස්සෙ හිතුවේ #සෙක්ස්පීරියන්ස් එපිසෝඩ් එකකින්ම අතෑරලා දාන්න ඕන කියලා. එහෙනම් අර අයියගෙ පේජ් එකත් මම පහලින් දාන්නම්. ජයවේවා...

#Thrimaz

The page I mentioned above - English School

Thrimaz, Sexperience, Life, Sinhala, Story

 

Comments

Post a Comment